ලිබ්රේ Office Impress (5 වන කොටස)

Creating a new presentation අලුත් ප්‍රදර්ශකයක් නිර්මාණය කරමු.
ප්‍රදර්ශකයක් සෑදීමට අවශ්‍ය මූලික සැකැස්මක් මේ සඳහා යොමු වීමට මත්තෙන් ඔබ සතුව තිබිය යුතු ය. මුලින්ම ඉම්ප්‍රෙස් වෙත යොමු වූ විට පහත රූපයේ ආකාරයට ප්‍රදර්ශක Wizard එක දැකගනීමට ලැබෙයි.

වැඩිදුරට
ඔබට මෙම  Wizard එක අනවශ්‍ය නම් Do not show this wizard again යන්නට ඉදිරියෙන් ඇති කුඩා කොටුවට ක්ලික් කරන්න. යම් හෙයකින් එය නැවත ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් Tools > Options > LibreOffice Impress > General > Wizard හි ඇති Start with wizard මත ක්ලික් කරන්න.
Preview තෝරාගෙන තිබීමෙන් ප්‍රදර්ශකයට අවශ්‍ය templates, slide designs සහ slide transitions ද මෙ සමගම ප්‍රදර්ශකයට එක් කර ගැනීමට පුළුවන.

1)    Type යටතේ option 3කි.
          Empty presentation - හිස් අලුත් ප්‍රදර්ශකයක් ආරම්භ කරයි.
          From template - මගින් සිදු වනුයේ සකස් කර ඇති template එකක් භාවිතා කර ප්‍රදර්ශකය නිර්මාණය ආරම්භ කිරීට යොමු වීමයි. මෙහිදී අපට අවශ්‍ය template එකක් තෝරා ගැනීමට අවකාශ සලසා දෙයි.
          Open existing presentation - මෙහිදී මීට පෙර දී සකස් කළ ප්‍රදර්ශකයක් විවෘත කරගෙන ඉදිරියට වෙනස් කම් සිදු කර ගැනීම ට පහසුකම් සැලසීම මේ යටතේ දී සිදු වෙයි.

මේවායින් ඔබට අවශ්‍ය එකක් තෝරා ගත හැකියි.

අනතුරුව Next මත ක්ලික් කරන්න. එවිට ඔබ තෝරා ඇත්තේ Empty presentation යන්න නම් Figure 12 දැක්වෙන ආකාරයේ දෙවන පියවරක් ලැබේවි. 
දෙවන පියවරේ Select a slide design යටතෙන් කැමති Presentation Background එකක් තෝරා ගත යුතුයි. ඔබ තෝරාගන්නා Background එක Preview වින්ඩෝව තුලින් දැක ගැනීමට පුළුවන.

මීළග පියවර වන්නේ Select an output medium යටතෙන් අපගේ ප්‍රදර්ශකයට ගැලපෙන page format එකක් තෝරා ගැනීමයි.

වැඩිදුරට
ඔබට අවශ්‍ය slide එකක ප්‍රමාණය Format > Page වෙත ගොස් සකසා ගැනීමට පුළුවන.

ඉහත වෙනස් කම් දෙක සිදු කර ගැනීමෙන් අනතුරුව Next මත් ක්ලික් කර Wizard එකෙහි තෙවන පියවර වෙත යොමු වන්න.
එයින් Effect drop-down menu එක බාවිතා කර කැමති slide transition එකක් තෝරා ගන්න.
ඒ සඳහා කැමති වේගයක් Speed drop-down menu එක භාවිතා කර ලබා ගන්න.

Select Presentation Type යටතේ ඇති Default භාවිතයෙන් ප්‍රදර්ශකය ප්‍රදර්ශනය කිරීමේ දී මවුසය භාවිතයෙන් සිදු කර ගැනීමට අවස්ථාව සලසා දෙයි. Automatic භාවිතා කරන ලැබුවහොත් slide එකක් රැදී තිබිය යුතු කාලය Duration of page යටතේ ලබා දිය යුතු වෙනවා.

මීළගට Create මත ක්ලික් කර ප්‍රදර්ශකය සකසා ගන්න.


වැදගත්
නිරන්තරයෙන් ම save කර ගත යුතු වන අතර ස්වක්‍රීයව මේ කාර්යය සිදු කර Tools > Options > Load/Save > General යටතේ ඇති Save Auto Recovery information every භාවිතා කරන්න.

No comments: