Showing posts with label Excel 2013. Show all posts
Showing posts with label Excel 2013. Show all posts

Excel Sheet කීපයකට ඒකුවර rows ගණනාවක් එකතු කර ගැනීම.

Sheet  ගණනාවක් සඳහා එක්වර rows එකතු කරන ආකාරය පිළිබඳව අද අපි කතා කරමු. මේ සඳහා,


  1. වෙනස් කිරීම සිදු කර ගැනීමට අවශ්‍ය Sheet සියල්ල Select කර ගන්න. Sheet කීපයක් එක්වර Select  කර ගැනීමට යතුරු පුවරුවේ ctrl යතුර ඔබා ගනිමින් Sheet Tab වල ක්ලික් කර ගන්න.

  2. දෙවනුව right click කර insert විධානය භාවිත කර entire row එකක් ආතුලත් කරන්න. 
එසේ ඇතුලත් කළ row එක ඔබ තේරු සියලුම Sheet  එක් වී ඇති අයුරු දැක ගත හැකියි. 

Microsoft excel වලදී small සහ large ශ්‍රීත බාවිත කරලා තියෙනවාද? නැත්තම්...........

සාමාන්‍යෙයන් අපි max සහ min භාවිත කරලා ඉහළම අගය සහ පහළම අගය සෙවීම කර ගන්නවා. අද මේ ලිපියෙන් කියන්න යන්නේ උපරිම දෙවනි අගය නැතිනම් අවම දෙවනි හො තෙවනි අගයන් සොයා ගැනීමට භාවිත කරන ශ්‍රිතයන් පිළිබඳවයි.

  • පහත රූපසටහනෙන් පෙන්වන නිදර්ශනයේ 
    Second LARGE
    සහ 
    Second SMALL
    විදියට පෙන්වා ඇත්තේ එම අගයන් දෙකයි.
LARGE
 =LARGE(B1:B6,2) මෙහි රතුපාටින් පෙන්වා ඇත්තේ දෙවනි විශාලම අගය පෙන්වීමටයි. 
SMALL
 =SMALL(B1:B6,2) මෙහි රතුපාටින් පෙන්වා ඇත්තේ දෙවනි අවම අගය පෙන්වීමටයි. 

Microsoft excel වලදී භාවිත වන COUNT ශ්‍රිතය භාවිත කරමු.

COUNT ශ්‍රීතය අපි බාවිතයට ගන්නේ සෙල් ගණන් කිරීමට අවශ්‍ය වූ විටදීයි. නමුත් සාමාන්‍යෙයන් මෙම ශ්‍රී බාවිත කරනවාට වඩා පියවර දෙකක් ඉදිරියට ගොස් එය බාවිත කරන අයුරු තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ,


පහළ රූප සටහන හොඳින් බලන්න,

  • COUNT
මෙහි සෙල් 6ක සංඛ්‍යා ඇතුලත් කර තිබෙනවා. =COUNT(A1:A9) ශ්‍රිතය භාවිතයෙන් A1 සිට A9 දක්වා පරාසයේ ගණනය කළ විට සංඛ්‍යා ඇතුලත් කළ සෙල් ප්‍රමාණය ගණන් කර දෙයි

  • COUNTA
=COUNTA(A1:A9) විධානය භාවිත කළ විට මෙම සංඛ්‍යා පරාසයේ ඇති සංඛ්‍යා මෙන්ම අකුරු ඇතුලත් කර ඇති සෙල් සංඛයාව ගණනය කර ගැනීමට අවස්ථාව ලැබේ.

  •  COUNTBLANK 
=COUNTBLANK(A1:A9) භාවිතා කර මෙම සංඛ්‍යා පරාසයේ ඇති හිස් සෙල් ප්‍රමාණය ගණනය කර ගැනීමට අවස්ථාව සැලසේ.



Microsoft Excel වලදී AVERAGE සහ AVERAGEA ශ්‍රීතයන් භාවිතා කරමු.

Microsoft Excel වලදී අපි AVERAGE ශ්‍රිතය නිතරම බාවිත කරනවා. ඒ ගැන කිසිම ගැටලුවක් ඇති වෙලා නැද්ද. මෙම ශ්‍රිතය භාවිතයේ දී ඇති වන එක් ගැටලුවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.


ගැටළුව
ළමයින්ගේ ලකුණු ලයිස්තුවක් සකස් කිරීමේ දී විභාගයට පැමිණි නැති ළමයින් සඳහා -ab- වගේ ඉංග්‍රිසි අකුරු යොදා ඇති වටදී AVERAGE එක නිසි පරිදි ලබා නොදීම.
 පිළිතුර
මෙහිදී සුදුවන්නේ  AVERAGE ශ්‍රිතය විසින් ලකුණු ලබා ගැනීමේදී සංඛ්‍යා ඇති සෙල් ගණන පමණක් ගණනය කර ගන්නා අතර ඉංග්‍රීසි අකුරු ඇති  (-ab-) සෙල් එක මඟහැර දමයි. 
ඒ අනුව විෂයන් 9ක සාමාන්‍ය සොයද්දී එක් විධයකට ළමයෙක්ට  -ab- ලෙස යොදා තිබුනහොත් එම සෙල් එක අතහැර සාමාන්‍ය සෙවීමට ඇති සෙල් සංඛ්‍යාව 8ක් ලෙස යොදා ගනී. මෙය අපගේ ලකුණු ලයිස්තුවේ විශාල අර්බුදයක් ඇති කරනු ලබනවා.
විසඳුම 
ලකුණු හෝ වෙන ඕනෑම සංඛයා පෙළක සාමාන්‍ය සෙවීමේ දී සෙල් වල ඉංග්‍රීසි අකුරු ඇත්නම්, ඒ වගේම එම සෙල් එක සාමාන්‍ය සෙවීමේ දී ගණනය වීමට එක් විය යුතු නම් ඔබ භාවිත කළ යුත්තේ  AVERAGEA ශ්‍රීතයයි.

Microsoft Excel 2013 සිංහගෙන් ඉගෙන ගනිමු.

අන්තර්ජාලයෙන් හමු වුන මෙම වීඩියෝව සිංහල භාෂාවෙන් Microsoft Excel 2013 පිළිබඳව සරළව හැඳින්වීමක් කරන්නක්. එය ඔබටත් ප්‍රයෝජනවත් වේවි. බලන්න.


ශ්‍රීතයක් භාවිතයෙන් excel වලදී case එක වෙනස් කර ගන්න දන්නවද?

excel  වලදී අපට ලැබෙන නම් ලයිස්තුවක කේස් එක වෙනස් කර ගන්න වුවමනා යැයි සිතමු. මේ වැඩේ වර්ඩ් වලදී වගේ කර ගන්න අයිකනයක් ලබා දීලා නැ excel  වලදී.


ඒ නිසා එම කාර්ය කර ගැනීමට ශ්‍රිතයක් භාවිත කරන්න වෙනවා. එය මූලික ආකාර 3කින් පෙන්නා දෙන්න පුළුවන්.

එනම්,
  • = Upper(cell address) – upper case
  • = Lower(cell address) – lower case
  • = Proper(cell address) – sentence case (පළමු අකුර පමණක් කැපිටල් කිරීමට)
මෙය නිදර්ශනයකින් විමසා බලමු.
A column එකේ නම් පෙළක් ඇතැයි සිතන්න. පහත රූපයේ ආකාරයට,



















මෙම නම් පෙළ B column  එකේදී කැපිටල් වලින් ලියන්න අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ B1 සෙල් එකෙහි මෙ ආකාරයට ශ්‍රිතයක් ගොඩනැගීමයි.
 = Upper(A1)




















දැන් Enter කර බලන්න.  A1 සෙල් එකේ පැවති saman කියන වචනය B1 සෙල් එකේ කැපිටල් වලින් ප්‍රදර්ශනය කරයි.



















මෙය  B column එකේ පහත ඇති සියලුම සෙල් වලට ලබා දීම සඳහා B1 සෙල් එක මත ක්ලික් කල විට ලැබෙන කොටුවේ දකුණු පහල කෙළවර ඇති Fill handle එක ඇදගෙන යාමෙන් ලබා ගැනීමට හැකි වේ.
 


මේ විදියට අනික් ශ්‍රිත දෙක භාවිතයෙන්  lower case වලට මෙන්ම sentence case වලට හරවා ගැනීමට අවස්ථාව ලැබේ.

Excel 2007 හෝ 2010 දී Worksheet ඒකක් සඟවමු

Worksheet එකක් සඟවමු.

සැඟවීමට අවශ්‍ය Worksheet එක් Select කර ගනිමු. ඒ සඳහා tab එක මත කිලක් කරන්න. Worksheet කීපයක් සැඟවීමට අවශය නම් Ctrl key ත් සමඟ අදාල tabs මත ක්ලික් කරන්න.
sshot-2
අනතුරුව Home tab එකේ Cells group යටතේ තියෙන Format මත ක්ලික් කර විට ලැටබන මෙනුවේ Visibility යටතේ තියෙන Hide & Unhide කිලක් කරන්න. එවිට ලැබෙන මෙනුවේ  Hide Sheet මත ක්ලික් කිරීමෙන් Worksheet එක හෝ කීපය සගවා ගැනීමට හැකි වෙනවා.
 
tab එක මත right-click කල විට ලැබෙන මෙනුවේ Hide මත ක්ලික් කිරීමෙන්ද මෙම කාර්යය ඉතා පහසුවෙන් කර ගැනීමට පුළුවන්.
 
සැඟවීමෙන් පසුව පහත ආකාරයට worksheet එක පෙන්නුම නොකරන මුත් එම worksheet පාදක කර ගනිමින් කරන කටයුතු හො ගණනය කිරීම් සඳහා බලපෑමක් සිදු නොවේ. ෙ
 
සැඟවූ Worksheet එක නැවත ලබා ගැනීම.
අනතුරුව Home tab එකේ Cells group යටතේ තියෙන Format මත ක්ලික් කර විට ලැබෙන මෙනුවේ Visibility යටතේ තියෙන Hide & Unhide කිලක් කරන්න. එවිට ලැබෙන මෙනුවේ  Unhide Sheet මත ක්ලික් කිරීමෙන් Worksheet එක හෝ කීපය නැවත දැක ගැනීමට හැකි වෙනවා.
 
තියෙන tab එකක් මත right-click කල විට ලැබෙන මෙනුවේ Unhide මත ක්ලික් කිරීමෙන්ද මෙම කාර්යය ඉතා පහසුවෙන් කර ගැනීමට පුළුවන්.
Unhide කළ විට ලැබෙන window එකෙන් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය worksheet එකේ නම මත ක්ලික් කර OK කරන්න. sheet කීපයක් ප්‍රදර්ශනය කර ගැනීමට ඉහත පියවර නැවත නැවත අනුගමනය කරන්න. 

Excel වලදීත් PRIMARY KEY එකක් භාවිත කරමු.

ප්‍රාථමික යතුරක් (PRIMARY KEY) භාවිතා කිරීමෙන් වගුවක් තුළට එකම දත්තය නැවත නැවත ඇතුල් වීම වලක්වා ගැනීමට හැකි වෙනවා.


දත්ත සමුදායන් සකස් කිරීමේදී භාවිතා වන මෙම පහසුකම Excel මෘදුකාංගයේ දී ද භාවිතා කිරීම තුළින් ද වගුවක් තුළට එකම දත්තය එක් වීම වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

පහත නිදර්ශනයට අනුව "EMPLOYEE" වගුවේ  "EMP ID" යනු ප්‍රාථමික යතුරයි. ඒ අනුව  "EMP ID" එකම අගයන් දෙකක් තබා ගැනීමට නොහැකි වෙනවා.

ඒ අනුව "EMP ID" සඳහා ප්‍රාථමික යතුරක් ලබා දීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.
  • සම්පුර්ණ කොලම් එකම select කර ගන්න. (අගයන් ඇතුලත් කිරීමට පෙර).
  • දෙවනුව  DATA > DATA VALIDATION වෙත යන්න.
  • Allow Drop down මෙනුවේ CUSTOM යන්න තෝරාගන්න.
  • පහතින් ලැබෙන FormulaBox එකෙහි =COUNTIF($A$1:A1,A1)<=1 මෙම ශ්‍රිතය ටයිප් කරන්න. එහි cell Address අවශ්‍ය විදියට වෙනස් කරන්න.
පහත රූපයෙන් දැක්වෙනුයේ ඉහත ශ්‍රිතය භාවිතයෙන් A තීරුව සඳහා ප්‍රාථමික යතුරක් සකස් කිරීමේ නිදර්ශනයකි.


එකම තොරතුරක් නැවත ඇතුලත් කළ විට මෙවැනි නිවේදනයක් ලැබේවි.


මෙම නිවේදනය මෙන්ම validation ද අපගේ අවශ්‍යතාව අනුව වෙනස් කර ගැනීමට වුවද හැකියාව පවතී.

මෙම තොරතුරු ලබා දුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ චමිල්ක ජයරත්න සර්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

1. Excel 2013 හඳුනාගනිමු

මෙම ලිපි පෙළේදී අපි Excel 2013 භාවිත කරන ආකාරය කතා කරන්නයි ලැස්ති වෙන්නේ. Excel 2013 ඉලක්ක කලාට 2007 සහ 2010 සඳහාත් මෙම ලිපි පෙළ භාවිත කරන්න පුළුවන්.
එහෙනම් අපි ආරම්භ කරමු.