Showing posts with label OL ICT. Show all posts
Showing posts with label OL ICT. Show all posts

ඔබගේ පරිගණකයේ පැස්කල් ස්ථාපනය කර ගන්නේ නැතිව පැස්කල් භාෂාව අත්හදා බලමු......

ඔබගේ පරිගණකයේ පැස්කල් ස්ථාපනය කර ගන්නේ නැතිව පැස්කල් භාෂාව අත්හදා බලන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමය භාවිත කරන්න අන්තර්ජාල පහසුකම් හොඳින් තියෙන්න ඔනි.......

මේකට කියන්නේ Pascal Online Editor එකක් කියලා. එකෙන් සාමාන්‍යෙයන් පරිගණකයේ ස්ථාපනය කර ගත් පැස්කල් ක්‍රමලේඛණ භාෂා මෘදුකාංගයක් භාවිත කරනවාට වඩා වැඩි පහසුකම් යටතේ භාවිත කිරීමට හැකියාව සහ අවස්ථාව ලැබෙනවා.

පහත යොමුවෙන් ගිහින් බලන්න. ඔබ මේකට කැමති වෙනවා අනිවාර්යයි.
Pascal Online Editor

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂයමාලාව (10 ශ්‍රේණිය) 2015

2015 වඒෂයේ සිට 10 ශ්‍රේණිය සඳහා නියමිත සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂය මාලාව ජාතික අධ්‍යාපන ආයතනයේ අඩවියෙන් භාගත කර ගත හැකියි.

ඒ සඳහා යොමු වීමට මෙතනට ක්ලික් කරන්න.


පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බලමු

පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බැලීමට ප්‍රදර්ශකයට යොමු වීමට පහත යොමුවෙන් යන්න.
ප්‍රදර්ශකයට යොමු වන්න.



සංඛ්‍යා පාද අතර සංඛ්‍යා පරිවර්තන කරන ආකාරය විමසා බලමු.

මෙම සංඛ්‍යා පද්ධති 4 ට පරිවර්තන 12 ක් තියෙනවා. ඒවායින් 8ක් පිළිබඳව අපි මෙහිදී සාකච්ඡා කරනවා. ඒවානම්,
  1. දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට,
  2. දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට,
  3. දශමය සංඛ්‍යා ෂඩ් දශමය සංඛ්‍යා බවට,
  4. ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට,
  5. අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට,
  6. ෂඩ් දශමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට,
  7. ද්විමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට,
  8. ද්විමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට, පරිවර්තනය කරන ආකාරය විමසා බලනවා.
ඒ අනුව,


  • දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකරය,
  • දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,

  • දශමය සංඛ්‍යා ෂඩ් දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,
  • ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,
  • අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,

  • ෂඩ් දශමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,

  • ද්විමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,
  • ද්විමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය

සංඛ්‍යා පාද (Number System) හඳුනාගනිමු

ගණිතයේ ඉතිහාසය
ඊ-ත්කසලාව වෙබ් අඩවිය වෙත යොමු වෙමු.
මේ පිළිබඳව තවත් වැඩි විස්තර අවශ්‍ය නම් විකිපීඩියා වෙත යොමු වන්න.

10 ශ්‍රේණිය ගණිතයෙ පොතේ සංඛ්‍යා පාද පාඩම
schoolnet වෙත යොමු වෙමු

10 ශ්‍රේණිය සංඛ්‍යා පාද පාඩම වෙනුවෙන් Learn TV ආයතනය සකස් කළ වීඩියෝ කීපයක්,
පළමු වීඩියෝව වෙත යොමු වෙමු
දෙවන වීඩියෝව වෙත යොමු වෙමු
තෙවන වීඩියෝව වෙත යොමු වෙමු

තොරතුරු තාක්ෂණ විෂයේ දී ඇයි අපි සංඛ්‍යාපාද ඉගෙන ගන්නේ

අප හුරු වී සිටිනුයේ දහයේ පාදයේ සංඛ්‍යා වලින් ගණුදෙනු කිරීමටය. එහිදී 0,1,2,3,4,5,6,7,8,9 යන සංඛ්‍යා මූලික වශයෙන් භාවිතා වේ. මෙම සංඛ්‍යා විවිධ ස්ථාන වලදී භාවිතය මඟින් සංඛ්‍යා නිරූපණය කිරීම සිදු වේ.

නමුත් පරිගණකය තුළ භාවිතා වන්නේ ද්වීමය සංඛ්‍යා පාදයයි. (Binary) මෙහිදී 0, 1 යන සංඛ්‍යා දෙක පමණක් භාවිතා වීම සිදුවේ. පරිගණකය මූලික වශයෙන් Digital Equipment එකකි. එබැවින්, එය සමඟ ද්වීමය සංඛ්‍යා පද්ධතිය සමපාත කිරීම පහසුය. සාපේක්‍ෂව ඉහල වෝල්ටීයතාවක් ද්වීමය 1 අගය නිරූපණය කිරීමට ද, ඊට සාපේක්‍ෂව අඩු වෝල්ටීයතාවක් ද්විමය 0 අගය නිරූපණය කිරීමට භාවිතා වෙ. සැබවින්ම පරිගණකයේ සියලූ කටයුතු සිදුවන්නේ මෙම විභව වෙනස්කම මූලික කරගනිමිනි.

පරිගණය කුළ පමණක් නොව පරිගණක අතර දත්ත හුවමාරුව සිදුවීමේදී ද මෙම විභව වෙනස ග‍්‍රහණය කර ගැනීමෙන් ඒ තුලින් සිදුවන දත්ත හුවමාරුව විශ්ලේශනය කර ලබා ගැනීමක් සිදුවේ. ද්විමය සංඛ්‍යාවල අංක 2 ක් වැනි අඩු අගයක් භාවිතා වීම පරිගණකයේ කටයුතු තවදුරටත් වේගවත් කරගැනීමට ඉවහල් වී තිබේ.

සාමාන්‍ය පෙළදී හා උසස් පෙළ දී අපි,

 සංඛ්‍යා පද්ධති 4 ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. එනම්,
  • Decimal Number System (දශමය/දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Binary Number System (ද්විමය/දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Octal Number System (අෂ්ටමය/අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Hexa-Decimal Number System (දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)

Decimal Number System


අපි එදිනෙදා පාවිච්චි කරන්නෙ මේ දශමය, එහෙමත් නැත්නම් දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. 
  • දශමය සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා පාදය වෙන්නෙ 10. සාමාන්‍යයෙන් සංඛ්‍යාවක පාදය ඒ සංඛ්‍යාව යටින් ලියන්න ඕනා. ඒත් භාවිතයේ පහසුවට දශමය සංඛ්‍යා පද්ධතියෙදි ඒක යටින් ලියන්නෙ නෑ. 
  • දශමය සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 10 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7,8,9) 
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 9. 
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දහයේ බල වලින්.

Binary Number System


පරිගණක හැමදේම කරන්නෙ මේ ද්විමය සංඛ්‍යා පද්ධතිය ආධාරයෙන්. පරිගණක දන්නෙ මේ ද්විමය සංඛ්‍යා පද්ධතිය විතරයි.
  • ද්විමය සංඛ්‍යා පද්ධතියේ පාදය වෙන්නෙ 2. ඒක අනිවාර්යයෙන් ද්විමය සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. 
  • ද්විමය සංඛ්‍යා පද්ධතියට තියෙන්නෙ ඉලක්කම් 2 යි. (0,1) 
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 1. 
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දෙකේ බල වලින්. 

Octal Number System 


මේ අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය.
  • මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 8. ඒක අනිවාර්යයෙන් අෂ්ටමය සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. උඩ දාල තියෙන උදාහරණය බලන්න.
  • දශමය සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 8 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7)
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 7. 
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ අටේ බල වලින්.  

Hexa-Decimal Number System


මේ සංඛ්‍යා පද්ධතිය කලින් කියපු 3 ටම වඩා වෙනස්. පරිගණක ග්‍රැෆික් නිර්මාණ තාක්ෂණයෙදි වර්ණ හඳුන්වන්න මේ සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරනවා. මේ දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතියෙදි ඉලක්කම් 10ට වඩා තියෙන නිසා අගයන් ලියද්දි ඉංග්‍රීසි අකුරුත් පාවිච්චි කරනවා.
  • මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 16. ඒක අනිවාර්යයෙන් දහසයේ පාදයේ සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. 
  • දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 15 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7,8,9,A,B,C,D,E,F)ඉංග්‍රීසි අකුරු වලින් කියවෙන ඉලක්කම් පහළ තියෙන අගයන් වලට සමාන වෙනවා.
  • A = 10 
  • B = 11 
  • C = 12 
  • D = 13 
  • E = 14 
  • F = 15
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය F (15).
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දහසයේ බල වලින්. 
කලින් කියපු විදිහට පරිගණකය තේරුම් ගන්නෙ ද්විමය සංඛ්‍යා පද්ධතිය විතරයි. විශාල සංඛ්‍යා ද්විමය ආකාරයෙන් කියද්දි ඒක ගොඩක් දිග එකක් වෙනවා. (457 = 1001011112) ඉතින් හඳුනා ගැනීමේ පහසුවට ඒ දිග අඩු කරලා දක්වන්න අනෙක් සංඛ්‍යා පද්ධති පරිගණක ලෝකයේ පාවිච්චි වෙනවා.



අන්තර්ජාලය ඇසුරින් සකස් කරල ලද ලිපියකි. 



සාමාන්‍ය පෙළ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන විෂය ප්‍රශ්න පත්‍ර සහ වෙනත් ආධාරක

සාමාන්‍ය පෙළ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන විෂය හදාරන ඔබට අවශ්‍ය පසුගිය ප්‍රශ්න පත්‍ර ඇතුලු ආධාරක බාගත කර ගැනීමට අවැසි අයටයි මේ අවස්ථාව.

එහිදී ඔබට,
  • චක්‍ර ලේඛන
  • උසස්  පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ආදාර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර
  • සාමාන්‍ය  පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ආදාර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර
  • උත්තර 
  • උසස් පෙළ සඳහා සිංහලෙන් ලියවුණු අමතර කියවීම් ද්‍රව්‍ය
 බාගත කර ගැනීමට අවස්ථාව සැලසේ.

මෙතනින් යොමු වන්න. 

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා තොරතුරු පද්ධති පිළිබඳව කෙටි සටහනක්

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා තොරතුරු පද්ධති පිළිබඳව ඉදිරිපත් කරන මේ කෙටි සටහනට අනුව ඔබගේ දැනුම සංවිධානය වී ඇත්දැයි සොයා බලන්න.

vb 6 ඉගෙන ගන්න අපුරු වීඩියෝ ඒකතුවක්

vb 6 ඉගෙන ගන්න අපුරු වීඩියෝ ඒකතුවක් හමුවුනා. මුල සිට සරළව කියාදෙන මෙම වීඩියෝ ටිකේ තියෙන වැදගත්කම නිසාම මේ විදියට ඔබටත් ඒ වෙත යන්න මග පෙන්වන්න හිතුවා.

මෙම වීඩියෝටික හදලා තියෙන්නේ චින්තක දේශප්‍රියයි.  























1. Libre Office Base හඳුනාගනිමු

මෙම ලිපි පෙළ තුලින් දත්ත සමුදායන් නිර්මාණය කිරීම සඳහා නිදහන් මෘදුකාංගයක් වන Libre Office Base භාවිත කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වන්නේ.

ඒ අනුව අද පළ වන්නේ එහි පළමු ලිපියයි.







1. Excel 2013 හඳුනාගනිමු

මෙම ලිපි පෙළේදී අපි Excel 2013 භාවිත කරන ආකාරය කතා කරන්නයි ලැස්ති වෙන්නේ. Excel 2013 ඉලක්ක කලාට 2007 සහ 2010 සඳහාත් මෙම ලිපි පෙළ භාවිත කරන්න පුළුවන්.
එහෙනම් අපි ආරම්භ කරමු.




8. Access වලදී Report එකක් සකස් කර ගැනීම

අපි මේ වන විට Access භාවිත කරලා Database එකක් සකස් කරගෙන ඒ තුළ
1.    Table එකක්
2.    Query එකක්
3.    Form එකක්
සකස් කර ගන්නා ආකාරය සාකච්ඡා කලා. දැන් අපගේ කාර්යයේ මූලික කොටස් ටික සම්පුර්ණයි. මීළගට අපිට කරන්න තියෙන්නේ මෙම දත්ත සමුදායේ තොරතුරු මුද්‍රිත පිටපතක් ලෙස ලබා ගැනීම සඳහා සූදානම් කර ගැනීමයි.

7. Access වල Form එකක් හදමු

Access වලදී Form එකක් හදාගන්නා ආකාරය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
Form එකෙන් ප්‍රධෘන කාර්යයන් දෙකක් සිදු කර ගැනීමට පුළුවන්.
1.    Form එක භාවිතා කරලා දත්ත සමුදායට දත්ත ආදානය කරන්න පුළුවන්.
2.    ඒ විතරක් නෙමෙයි. දැනට දත්ත සමුදායේ තියෙන දත්ත බලා ගැනීමටත් පුළුවන්. මෙය දත්ත ප්‍රතිදානය කර ගන්නවා කියලා කියන්න පුළුවන්.



6. Access වල query එකක් සකස් කර ගැනීම

මේ ලිපියේ දී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ Queries සකස් කර ගන්නා අන්ඳමයි. පෙර ලිපියේ දී අපි වගුවක් සකස් කර ගත්තා. එය පදනම් කරගෙන සරළ ආකාරයකට මෙය සකස් කරන අයුරු අපි විමසා බලමු.




5. Access වල වගුවක් සකස් කර save ගැනීම

මේ ලිපියේ දී අපි බලන්න යන්නේ Design view එකේ දී කොහොමද වගුවක් නිර්මාණය කර ගන්නේ කියලා.
මෙන්න මේ තීරුව වෙත අවධානය යොමු කරන්න.




4. Access වල වගුවක් සකස් කර ගැනීම

මෙම ලිපියේ දී අපි Microsoft Access 2013 වල වගුවක් සකස් කර ගන්නේ කොහොමද කියලා බලමු.



ඒ සඳහා පෙර ලිපියේ දී අපි කතා කළ පරිදි දත්තසමුදායක් නිර්මාණය කර ගන්න. එවිට පහත රූපයේ දැක්වෙන වින්ඩෝව ලැබේවි. එයින් Design view තෝරා ගන්න. 

මෙතනදී Design view එක තෝරා ගැනීමට මූලිකම හේතුව තමයි එහි දී අපිට අවශ්‍ය විදියට වගුව නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමයි.



3. Microsoft Access භාවිත කර දත්ත සමුදායක් ගොඩනගමු

මීට පෙර ලිපි වලදී අපි දත්ත සමුදාය පිළිබඳව අවශ්‍ය කරන මූලික හඳුනාගැනීම් පිළිබඳව කතා කලා. අද අපි කතා කරන්න යන්නේ  Microsoft Access 2013 භාවිත කරලා කොහොමද විද්‍යුත් දත්ත සමුදායක් සකස් කරන්නේ කියලා කතා කරන්න.


2 දත්ත සමුදායක් සෑදීමේ දී දැනගත යුතු මූලික කරුණු කීපයක්

අද අපි කතා කරන්නේ දත්ත සමුදාය භාවිතයට යොමු වීමේ දී වැදගත් වන තවත් කරැණු කීපයක් පිළිබඳවයි. එනම්,

හස්තීය ක්‍රමයට දත්ත සමුදායන් නිර්මාණයේ දී දුෂ්කරතා රාශියකට මුහුණු පෑමට සිදු වනවා. එ අතර,






දත්ත සමුදාය - 10 ශ්‍රේණියේ ළමයින්ට

10 ශ්‍රේණියේ ළමුන් සඳහා නියමිත දත්ත සමුදාය පාඩම මූලික කරගෙන මෙම ලිපි පෙළ සකස් කරන්නයි අදහස් කරන්නේ. එ අනුව දත්ත සමුදායක් (Data Base) යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද, එයින් තියෙන ප්‍රයෝජන සහ සකස් කර ගන්නා ආකාරය මෙම ලිපි පෙළදී විස්තරාත්මකව කතා කරමු.




Hard Disk එකක ක්‍රියාකාරීත්වය දෙස මොහොතක් අවධානය යොමු කරමු.

පරිගණකය භාවිත කරන අපි Hard Disk එකෙන් අත් කර ගන්නා ප්‍රයෝජනය අති විශාලයි. ඒ නිසාම මෙම උපකරණයේ ක්‍රියාකාරීත්ව සිදු වන්නේ කොහොමද කියල මොහොකත් අවධානය යොමු කරලා බලමු.

ඒ සඳහා පහත වීඩියෝව වෙත අවධානය යොමු කරමු.