Showing posts with label මෙහෙයුම් පද්ධති (Operating Systems). Show all posts
Showing posts with label මෙහෙයුම් පද්ධති (Operating Systems). Show all posts

මෙහෙයුම් පද්ධතියක් කියන්නේ කුමක්ද?

මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි.

අථත්‍ය මතකය (Virtual Memory)

මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම සඳහා පරිගණකය භාවිත කරන්නා වු දෘඩාංගය මතකය වශයෙන් හැඳින්විය හැකියි. මෙය තවදුරටත් ප්‍රාථමික මතකය නැතිනම් රැම් (RAM) ලෙසද හැඳින් වේ. මතකයන් විවිධ පරිමාණයෙන් පවතී. 256MB, 512MB, 1GB, 4GB හෝ 8GB වශයෙන්.
පරිගණකයේ ඇති මතකය සීමාසහිත වීමත් වැඩසටහන් විශාල සංඛ්‍යාවක් පරිගණකයේ භාවිත වීමත් යන සංකල්ප දෙකකම එක්වර ක්‍රියාත්මක වීමට යාමේ දී මෙම ‘අථත්‍ය මතකය‘ නැමති සංකල්පය බිහි වීම සිදු වේ. 
මෙහිදී මතකයේ ඇති දත්ත දෘඩ තැටියේ කිසියම් ස්ථානයක ස්ථානගත කෙරේ. මෙමඟින් මතකය තුළ තිබිය යුතු දත්ත ප්‍රමාණය වැඩි කර ගත හැකියි. මෙය අථත්‍ය මතකය වශයෙන් හැඳින් වේ. 
නමුත් මතකයේ ඇති දත්ත තරම් වේගයකින් සකසන ක්‍රියාවන් සඳා දෘඩතැටි‍යේ ඇති දත්ත ලබා ගැනීමට හැකියාවක් නැ. දෘඩ තැටියේ ඇති කොටසේ පවත්නා දත්ත අවශ්‍ය වූ විටදී එම දත්ත මතකය වෙත ලබා ගෙන භාවිතා කළ යුතුයි. 
කෙසේ නමුත් මෙම අථත්‍ය මතකය සංකල්පය මඟින් පරිගණකයේ ඇති මතකයේ ප්‍රමාණයට බෙහෙවින් වැඩි දත්ත ප්‍රමාණයක් භාවිතය සඳහා අවකාශ සකසා දෙනු ලබනවා. 
මෙම සංකල්පය වර්තමානය වන විට පරිගණකය තුළ විවිධ භාවිතයන් සඳහා යොමු වී ඇති අයුරු දැක ගන්න පුළුවන්.

පරිගණක දාඩාංග සහ මෙහෙයුම් පද්ධතයේ ක්‍රියාකාරීත්වය හඳුනාගනිමු.

පරිගණක දෘඩාංග වල ක්‍රියාකාරීත්වය හා ඒ හා බැඳුනු මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කෙරෙන මෙම විඩියෝ පෙළ ඔබටත් වැදගත් වේවි.





















මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය විමසා බලමු

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන සිසුන්ගේ මූලික දැනුම සඳහා මෙම වීඩියෝවන් පෙළ අතිශයින් වැදගත් වනු ඇති.

වීඩියෝ අංක 01


වීඩියෝ අංක 02


වීඩියෝ අංක 03


වීඩියෝ අංක 04