Showing posts with label Google. Show all posts
Showing posts with label Google. Show all posts

Google input tools භාවිතයෙන් සිංහල ටයිප් කරමු.

පරිගණකය භාවිතයේ දී  සිංහල යුතුරු පුවරුව බාවිත කරන්න අපහසු බොහෝ සෙනෙක් කරනුයේ සිංග්ලිෂ් විදියට ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කරන එකයි.

නමුත් Google input tools භාවිත කිරීමෙන් ඔබට ඒ විදියට ටයිප් කරන වචන නිවැරදි සිංහලට පරිවර්තනය කර ගැනීමට පුළුවන්.

මේ සඳහා විවිධ උපක්‍රම භාවිත කළ හැකි අතරම ඔන්ලයින් වගේම අපගේ පරිගණකයේ ස්ථාපනය කර භාවිතයට ගත හැකි මෙම මෘදුකාංගය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

පහත යොමුව මඟින් ඔබට Google input tools  වෙත යොමු විය හැකියි.

පහත වීඩියෝව මඟින් මෙම පහසුකම බාවිත කරන ආකාරය පිලිබඳව ඉඟියක් ලබා ගැනීමට හැකි වේවි.

රූපයක ඇති අකුරු පරිගණකයේ දී වෙනස් කළ හැකි අකුරු බවට පත් කරමු. (OCR)

Optical Character Recognition (OCR) විදියට හඳුන්වන මෙම ක්‍රමය නොමිලයේම ගුගල් ඩ්‍රයිව් භාවිතයෙන්

අපට ලබා ගැනීමට පුළුවන්. 

PDF විදියට හරි JPG හෝ GIF විදියට තියෙන රූපයක ඇති අකුරු මේ ක්‍රමය මඟින් ඉතා පහසුවෙන් සකස් කර ගැනීමට පුළුවන්.

පහත වීඩියෝව එය කර ගන්නා ආකාරය පැහැදිලි කරනවා.