Showing posts with label පරිගණක ජාලකරණය. Show all posts
Showing posts with label පරිගණක ජාලකරණය. Show all posts

උසස් පෙළට පරිගණක ජාල - සමන් බන්ඩාර හේරත්

උසස් පෙළට පරිගණක ජාල - සමන් බන්ඩාර හේරත්

පොත ගැන

තොරතුරු සන්නිවේදනය කිරීමේ විවිධක්‍රමවේද අතර පරිගණක ජාල සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී. පරිගණක ජාලයක් නිර්මාණය කර ගැනීමේ දී ඔබ දැනගත යුතු මුලික කරුණු පිළිබඳවත්, ඒ සඳහා අවශ්‍ය කරණ උපාංග පිළිබඳවත් සාකච්ඡා කරන අතර දෙවනුව ජාල සකස් කිරීමේ දී ඔබ දැන සිටි යුතුම නියමාවලීන් (protocols) පිලිබඳව හඳුන්වා දෙයි. අනතුරුව ජාලයක් තුල දත්ත සන්නිවේදනය සිදු වන ආකාරයන් පිළිබඳව මෙන්ම එමඟින් ලබා ගත හැකි විවිධ ප්‍රයෝජන පිළිබඳවත් ජාලයකට එල්ල විය හැකි තර්ජන හා අනතුරු පිළිබඳවත් මෙම පෙත මඟින් සාකච්ඡා කෙරේ. එසේම ජාල නිර්මාණයේ භාවිත කරන නිමාවලි ලිපිනයන් පිළිබඳව මෙන්ම උප ජාල ආවරණ ගොඩනැගීම පිළිබඳවත් පැහැදිලි කෙරේ.

ශාන්ත කේ හේරත් විසින් නිම කල පිටකවරය

කතුවරයා ගැන

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේනතුවේ, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ තොරතුරු හා සන්නිවේදන විෂය ඉගෙනුම් උපකරණ සැකසීමේ සහ ගුරුවරුන් පුහුණු කිරීමේ සම්පත් දායකයකු වශයෙන් ලැබුනු විෂය අත්දැකීම් පෙරදැරිව මෙම පොත ලිවීම සඳහා යොමු විය.

විශේෂයෙන් මෙම විෂය අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමත් සමඟ සිංහලෙන් ලියවුණු පොත් හිඟ වූ වකවානුවක මෙම පොත සිංහල භාෂාවෙන් ලීවීමට යොමු වූයේ එම හිඩැස යම් මට්ටමකින් හෝ පිරවීම අරමුණු කර ගිනිමිනි.

ඉතාමත් වේගයෙන් වෙනස් වන විෂයය කරුණු සහිත විෂයක් සඳහා සිංහල භාෂාවෙන් ලියවුණු මෙම පොත ලිවීමේ දී සෘජුවම මෙන්ම වක්‍රාකාරයෙන් උදව්උපකාර කල බොහෝ පිරිස් ඇති අතර ඒ සියලු දෙනාටම මෙම පොත ගෞරවයෙන් පිළිගැන්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි. සිංහල භාෂාවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන සිසුන් සඳහා මෙන් ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුවරුන් සඳහාත් මෙම අත්පොත මහඟු පිටිවහලක් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

එ වගේම ක්‍රමලේඛන ලිවීම, නව පද්ධතීන් නිර්මාණය සහ දත්ත සමුදායන් සකස් කිරීම වැනි මාතෘකා පදනම් කරගනිමින් ලියවුණු අනිකුත් පොත්ද ඉදිරිකාලයේ දී මුදනය කර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සියල්ලක් හරහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරණ සහ ඒ පිළිබඳව උනන්දු වන සියලු දෙනාගේ දැනුම වර්ධනය කර ගැනීමට රුකුලක් වේවායි ප්‍රාර්ථනා කරමි.

මිලදී ගැනීම

දිවයින පුරා ඇති සරසවි පොත්හල් වෙතින් මිලදී ගත හැකියි. ඉදිරියේ දී මෙම ජාලය තවත් ව්‍යාප්තව ඔබේ සමීපතම පොත් සාප්පුව මඟින් මිලදී ගත හැකි වනු ඇති.

තැපෑලෙන් ගෙන්වා ගැනීමට


මේ සඳහා පහත පෝරමය පුරවන්න. සතියක් තුල දී ඔබට පොත ලබා ගත හැකි වනු ඇති.








Honypot ගැන දන්නවාද

Honypot 

Honypot මඟින් හැකර්වරුන් ග්‍රහනය කරගැනීම හෝ සාම්ප්‍රදායික නොවන හෝ නව ක්‍රම සොයා ගැනීම සඳහා යොදන උපාය පද්ධතියකි. හිතාමතාම නිර්මාණය කර ඇති Honeypots හැකර්වරුන් හා අන්තර්ජාලය හරහා සිදු වන අනිෂ්ට කටයුතු හඳුනාගැනීම සඳහා නිර්මාණය කර ඇත.



A honeypot is a decoy computer system for trapping hackers or tracking unconventional or new hacking methods. Honeypots are designed to purposely engage and deceive hackers and identify malicious activities performed over the Internet.

සර්වර් (server)

නිර්වචනය : 

පරිගණක ජාලයක් මධ්‍යගතව පාලනය කරන පරිගණකයක් හෝ පරිගණක මෘදුකාංගයක් ‘සර්වර්‘ වහෙන් හඳුන්වා දීමට පුළුවන්.

එ අනුව,

  1. සර්වර් පරිගණක
  2. සර්වර් මෘදුකාංග පිළිබඳව අපි මීළගට සාකච්ඡා කරමු.

සර්වර් පරිගණක,

පරිගණක ජාලයක් සඳහා සේවා සැපයීම වෙනුවෙන් සකස් කරන සුවිශේෂ හැකියාවන්ගෙන් යුත් පරිගණකයක් සර්වර් පරිගණකය ලෙස හඳුන්වාදීමට පුළුවන්.
මෙම පරිගණකයේ සකසනයේ වේගය, මතකධාරීතාව මෙන්ම ගබඩා කිරීමේ ධාරිතාවය ඉතා ඉහළ මට්ටමකින් පවතී.
ජාලයතුල මධ්‍යගතව පාලනය වීම සිදුවන්නේ මෙමඟිනි. ඒ නිසාම ජාලයේ ඇති අනිකුත් පරිගණක සේවාදායක (Clients) පරිගණක වන අතර මෙම පරිගණක සඳහා අවශ්‍යය හැකියාවන් / අවසරයන් ලබා දෙනු ලබන්නේ සර්වර් පරිගණකයෙනි.
මේ නිසාම නිරන්තරයෙන් සක්‍රීයව පවත්වාගෙන යන සර්වර් සඳහා උපස්ථ (Back up) භාවිතය ද අතිශයින් වැදගත්. සාමාන්‍යයෙන් සර්වර් එකක් සඳහා විශේෂ වූ දෘඩංග එකතුවක් භාවිතා කෙරේ. එනම් ප්‍රොසෙසර් කීපයක්, විශාල රැම් ධාරිතාවයක්, විශේෂ දෘඪ තැටි වර්ග, ජාල කෙවෙනි කීපයක්, Power supply දෙකක්  ආදී වශයෙන් ආයතනයේ අවශ්‍යතාවය යෙදවිය හැකි මුදල් ප්‍රමාණයන් අනුව ශක්තීන් වැඩි දියුණු කෙරේ.
ප්‍රකට සර්වර් පරිගණක නිෂ්පාදන ආයතන ලෙස SUN, FUJITSU, IBM, DELL හා HP දැක්විය හැකි අතර ඔවුන්ගේ නිෂ්පාදන මූලික ආකාර 3ක් පවතී. එනම්,

  • Tower Servers
 
  • Rack Servers
         
  • Blade Servers වශයෙනි.
      
 සර්වර්ස් වලින් ලබා ගන්නා ප්‍රයෝජනය අනුව ද සර්වර් පරිගණකය හැඳින්වීමේ නාමයෙහි වෙනස් වීමක් සිදු වෙනවා. පහත දැක්වෙන්නේ ඒ සඳහා නිදර්ශන කීපයක්.

  • File Server - පරිගණක ජාලයේ ඇති අනිකුත් පරිගණක භාවිත කරන්නන්ගේ ගොන රඳවා තබා ගැනීමට. 
  • Mail Server- විද්‍යුත් තැපෑල භාවිතයට අවශ්‍ය පහසුකම් සැපයීමට. 
  • Web Server- වෙබ් අඩවි ස්ථාපනය කර එමඟින් අන් අයට එය වෙත යොමු වීමට අවස්ථාව ලබා දීම.
ආදී වශයෙන් පරිගණක ජාල භාවිතය සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී අංගයකි. එසේම මෙම සර්වර් පරිගණක භාවිතයේ දී වැදගත් වන තවත් සුවිශේෂී අංගයකි. එනම්, 

සර්වර් මෘදුකාංග 

සර්වර් පරිගණක මඟින් පරිගණක ජාලයක් තුල ඇති විවිධ කාර්යයන් කර ගැනීමේ දී එහි භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය ‘සර්වර් මෘදුකාංග‘ ලෙස හඳුන්වනු ලබනවා. 
එකම සර්වර් පරිගණකයක් තුල විවිධ කාර්යයන් කිරීමට පවා යොමු විය හැකි සර්වර් මෘදුකාංග අද පවතින අතර මෙම මෘදුකාංග ද ප්‍රභේද තුනක් යටතේ හඳුනා ගත හැකියි. එනම්,

  1. ලිනක්ස් සර්වර් මෘදුකාංග (Ubuntu Server)
  2. වින්ඩෝස් සර්වර් මෘදුකාංග (Windows Server)
  3. අනිකුත් සර්වර් මෘදුකාංග (Apple Mac Os X Server)






නෙට්වර්ක් jack ඒකක් cat5e කේබලයක් එකක් සමඟ සම්බන්ධ කර ගන්නා ආකාරය

නෙය්ටර්ක් එකක් සකස් කර ගැනීමේ දී කනෙක්ටර්ස් වයරයකට සම්බන්ථ කර ගැනීමට වගේම ජැක් එකක් වයර් එකට සම්බන්ධ කර ගැනීමටත් අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. මෙම වීඩියෝව ඒ පිළිබඳවයි.





නෙට්වර්ක් කේබල් එකකට කනෙක්ටර් එකක් සවි කර ගනිමු

මෙම වීඩියෝවේ දී නෙට්වර්ක් කේබල් එකකට කනෙක්ටර් එකක් සවි කර ගැනීමට අමතරව එස් සකස් කර ගන්නා ලද කේබලය බාවිතා කර පරිගණක එකිනෙක් සම්බන්ධ කර ගන්නා ආකාරයත්, සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව වින්ඩෝස් 7 වල දී අවශය පරිදි configure කර ගන්නි ආකාරයත් විමසා බැලේ,



පරිගණක දෙකක් අතර දත්ත හුවමාරු කර ගනිමු.

වින්ඩෝස් භාවිතා කර පරිගණක දෙකක් අතර දත්ත හුවමාරු කර ගැනීමට හැකි පරිදි  සකස් කර ගන්න ආකාරය පහත වීඉියොවෙන් දැක ගැනීමට පුළුවන්. අන්තර්ජාලයෙන් හමු වූ මෙම වීඩියෝව ඔබටත් වැදගත් වේවි.




IP Address (5) පංති (clases)

IP  ලිපිනයන් පිලිබඳව සාකච්ඡා කරන මෙම ලිපි මාලාවේ පස්වන මෙම ලිපියේ දී අපි IP Address පංති (clases) පිළබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

IP Address (3) ඔබගේ Windows 7 පරිගණකයේ IP ලිපිනය බලා ගැනීම

පෙර ලිපියේ දී අපි වින්ඩෝස් එක්ස්පි වලදී IP ලිපිනය බලා ගන්නා ආකාරය පැහැදිලි කලා. මෙම ලිපියේ දී අපි බලමු Windows 7 වලදී කොහොමද IP ලිපිනය බලා ගෙන්නේ කියලා.



IP Address (2) ඔබගේ Windows xp පරිගණකයේ IP ලිපිනය බලා ගැනීම

මීට පෙර ලිපියේ දී අපි IP ලිපිනයක් යනු කුමක්දැයි හඳුනාගත් අතර මෙම ලිපියේ දී  Windows xp මෙහෙයුම් පද්ධතිය තියෙන පරිගණකයේ IP ලිපිනය බලා ගන්නා ආකරය පිළිබඳව විමසා බැලමු.



IP ලිපිනයන් යනු කුමක්දැයි හඳුනාගනිමු

මෙම ලිපියේ දී උසස් පෙළ තොරතුරු තාක්ෂණය හදාරණ ළමුන් සඳහා නියමිත පරිගණක ජාල කරණය පාඩම සඳහා වැදගත් වන මෙම මාතෘකාවක් වන IP ලිපිනයන් පිළිබඳව සාකච්ඡා කෙරේ.



TCP/IP පැහැදිලි කෙරෙන වීඩියෝ දෙකක්

උසස් පෙළ තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන්ගේ සාමාන්‍ය දැනීමට වැදගත් වේවි.

පළමු කොටස


දෙවන කොටස

http සහ https යනු මොනවාදැයි සොයා බලමු

උපාංග දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණය කරගන්නා ආකාරය (පිළිවෙල) පිළිබඳ ඇතිකරගත් එකඟතාවක්” ප්‍රොටෝකෝලයක් ලෙස හැඳින්විය හැක. ජාලගත උපාංග අතර විවිධ වූ කාර්යන්සේවාවන් නිවැරදිවත් කාර්යක්‍ෂමවත් පවත්වාගෙනයාම ප්‍රොටෝකෝල භාවිත කරයි.

එ අනුව යනු සම්මුතියක් නීතියක් නැතිනම් රීතියක් වශයෙන් පෙන්නා දෙන්න පුළුවන්. අද අපි එවැනි සම්මුතීන් දෙකක් පිළිබදව අවධානය යොමු කරනවා. ඒ තමයි http සහ https



HTTP (Hyper Text Transfer Protocol)


ලෝක ව්‍යාප්ත ජාලය (WWW) පදනම් වී ඇත්තේ මෙම ප්‍රොටෝකෝලය මතය.මෙමගින් ලෝක ව්‍යාප්ත ජාල සේවාවට අදාල දත්ත සම්ප්‍රේෂණයහැසිරවියයුතු ආකාර හා වෙබ් බ්‍රවුසර් මගින් හැඳිනිය යුතු විධාන විස්තර කෙරේ. 

මේ පිළිබඳව සවිස්තර විස්තරයක් පහත වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්.



HTTPS (Hypertext Transfer Protocol over Secure)

දත්ත සම්ප්‍රේෂණය ආරක්ෂාකාරීව සිදු කර ගන්නා ආකාරය පිළිබඳව ඇති කර ගනු ලැබූ සම්මුතිය මෙම නමින් හඳුන්වනු ලබනවා.

මේ පිළිබඳව සවිස්තර විස්තරයක් පහත වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්.


පරිගණක ජාලකරණය පිළිබඳව තවදුරටත් දැනුවත් වෙමු.

උසස් පෙළ තෙරතුරු තාක්ෂණය හදාරණ ඔබට පරිගණක ජාලකරණය පිළබඳ දැනුම වැඩි කර ගැනීමට අපූරු වීඩියෝවක්. මෙහිදී ඔබට පරිගණක ජාල පිළිබඳවත් ඒවා සාදා ගන්නා ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්.

නේටවර්කින් පිළිබඳ උනන්දුවන් අයට වයර්ලස් නෙට්වර්ක් ගැන වීඩියෝවක්

මෙම වීඩියෝවෙන් වයර්ලස් නෙට්වර්ක් එකක් පිළිබද තොරතුරු බොහෝමයක් පිළිබඳව සාකච්ඡා වෙනවා. උසස් පෙළ තොතරතුරු තාක්ෂණය හදාරණ ඔබට මෙය වැදගත් වේවි.

නෙට්වර්ක් කේබල් එකක් සාදා ගනිමු

පරිගණක ජාලකරණය පිළිබඳව ඉගෙනීමේ දී ප්‍රයෝජනවත් වන තොරතුරු කීපක් තමයි මෙම ලිපියෙන් අරගෙන එන්නේ. නෙට් වර්ක් එකක් කර ගැනීමේ දී අත්‍යාවශ්‍ය වන කරැණු ගණනාවක් මෙමගින් නිරූපණය වෙනවා.



උසස් පෙළ තොරතුරු හා සන්නිවෙදන තාක්ෂණය සඳහා වන විවෘත පද්ධති අතුරු සබැඳුම (OSI Model) හඳුනාගනිමු

උසස් පෙළ තොරතුරු හා සන්නිවෙදන තාක්ෂණය විෂයයේ පරිගණක ජාලකරණය පාඩමේ එන විවෘත පද්ධති අතුරු සබැඳුම (OSI Model) පිළිබඳව මෙම ලිපියේ දී සාකච්ඡා කෙරේ.

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන ඔබට වැදගත් වෙයි...

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂේ දී හමුවන මාතෘකා කීපයක් සම්බන්ධව අන්තර්ජාලේ දී හමුවුනු වීඩිෝ කීපයක්. බලන්න ඔබටත් වැදගත් ේවිද කියලා.

History of Internet (අන්තර්ජාලයේ ඉතිහාසය)



How does internet works (අනතර්ජාලයේ ක්‍රියාකාරීත්වය)



How does DNS Server Works (DNS සර්වර් එකක ක්‍රියාකාරීත්වය)



OSI Model



TCP/IP

පරිගණක ජාලකරණය (2 කොටස)


සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉලක්ක කර ගනිමින් ලියවෙන ලිපි පෙළකි.

2.4
පරිගණක ජාල සහ පරිගණක ජාලකරණය

 ජාලයක් යනු කුමක්ද?

          එකිනෙක සම්බන්ද වූ දාමයක්, පද්ධතියක් ජාලයක් ලෙස හැදින්විය හැක.

          එක් තැනකින් සම්බන්දතාවය බිද වැටුනහොත් පද්ධතියම බිද වැටේ.

          නිද :- දුරකථන පද්ධතිය, මාර්ග පද්ධතිය,


පරිගණක ජාලකරණය (1 කොටස)

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ 2.4 වන පාඩම හා සම්බන්ද ජාලකරණය පිළිබද තොරතුරු මෙ සමග ඉදිරිපත් කෙරේ. එය ඔබගේ සාමාන්‍ය දැනීම සදහාත් වැදගත් වනු ඇත.