පරිගණක ජාලකරණය (2 කොටස)


සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉලක්ක කර ගනිමින් ලියවෙන ලිපි පෙළකි.

2.4
පරිගණක ජාල සහ පරිගණක ජාලකරණය

 ජාලයක් යනු කුමක්ද?

•          එකිනෙක සම්බන්ද වූ දාමයක්, පද්ධතියක් ජාලයක් ලෙස හැදින්විය හැක.

•          එක් තැනකින් සම්බන්දතාවය බිද වැටුනහොත් පද්ධතියම බිද වැටේ.

•          නිද :- දුරකථන පද්ධතිය, මාර්ග පද්ධතිය,



පරිගණක ජාලයක් යනු කුමක්ද?

•          පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙකට සම්බන්ද කරමින් සකසන පද්ධතියක්.

•          මෙමගින් සම්පත් පොදුවේ භාවිතා කිරීමට හැකි වීම සුවිශේෂී ලක්ෂණයකි.

•          මේ සදහා විවිධ ක්‍රම සහ උපාංග භාවිතා කරනු ලබයි.


පරිගණක ජාල භාවිතයේ වාසි

•          වේගය

•          වියදම

•          ආරක්ෂාව

•          මධ්‍යගත මෘදුකාංග පාලනය පහසු වීම.

•          සම්පත් පොදුවේ භාවිත කිරීම.

•          වේගවත් තොරතුරු හුවමාරුව.


පරිගණක ජාල භාවිතයේ අවාසි

•          තරු ආකාරයේ ජාල වල ප්‍රධාන පරිගණකය බිද වැටීමෙන් මුළු ජාලයම අඩපන වේ.

•          ජාලවල දෝෂ නිසා තොරතුරු විනාශ වීම.

•          ජාලවල දෝෂ නිසා සම්පත් අහිමි වීම.

•          බාහිර පුද්ගලයන්ට තොරතුරු සොරාගත හැකි වීම.

•          කාර්යක්ෂමතාවය අඩු වීම.

•          අවශ්‍ය සම්පත් වෙත පහසුවෙන් ලගා විය නොහැකි වීම.

•          ජාල පාලනයට විශේෂ මෘදුකාංග හා පුද්ගලයන් අවශ්‍ය වීම.

•          අධික වියදම.


ජාල ස්ථල විද්‍යාව (Network Topology)

•          පරිගණක ජාලගත කිරීමේදී ඒවා සම්බන්ද කරන ආකාරය,

–   තරු ආකාරය (Star)

–   මුදු/වළලු ආකාරය (Ring)

–   බසයක ආකාරය (Bus)

–   රුක් ආකාරය (Tree)

 

තරු ආකාර (Star Topology)

•          මධ්‍යයේ පරිගණකයක් නාභියක් (Hub) හෝ ස්විචයක් (Switch) භාවිතා කරනු ලබයි.

•          වාසි

–   ස්ථාපනය පහසුයි, දෝෂ සෙවීම නිරාකරණය පහසුයි, මධ්‍ය පරිගණකය නිසා දත්ත වල ආරක්ෂාව ඉහළයි.

•          අවාසි

–   වියදම වැඩි, ප්‍රධාන පරිගණකය නාභිය හෝ ස්විචය බිද වැටීමෙන් මුළු ජාලයම අඩපන වේ.


වළලු ආකාර(Ring Topology)

•          වළල්ලක් ආකාරයෙන් පරිගණක එකිනෙකට සම්බන්ද කරයි.

•          වාසි

–   වියදම අඩුයි.

•          අවාසි

–   පරිගණකයක් බිද වැටීමෙන් මුළු ජාලයම අඩපන වේ.


බස් ආකාර (Bus Topology)

•          ප්‍රධාන වයරයක් කේන්ද්‍ර කර ගනිමින් පරිගණක හා අනිකුත් උපකරණ සම්බන්ද කර ඇත.

•          වාසි

–   වියදම අඩුයි. සකස් කිරීම පහසුයි.

•          අවාසි

–   ප්‍රධාන වයරය මත යැපීම අවාසියකි. දත්තවල ආරක්ෂාව අවමයි. වේගය ඉතා අවමයි.


රුක් ආකාර (Tree Topology)

•          ගසක අතු බෙදන ආකාරයෙන් ජාල ගත කිරීම.

•          වාසි

–   එක් එක් අන්ත වෙන වෙනම පාලනය කළ හැකියි.

•          අවාසි

–   ජාලය ගොඩනැගීම හා පාලනය සංකීර්ණය. ප්‍රධාන වයරයක් මත යැපීමද අවාසියකි.


ප්‍රධාන පරිගණක ජාල ආකාර (Main types of Computer Network)

•          ස්ථානීය ප්‍රදේශ ජාල (LAN)

–   කුඩා ප්‍රදේශයක පැතිර පවතී.

–   නිද :- ගොඩනැගිල්ලකට.

•          පුළුල් ප්‍රදේශ ජාල (WAN)

–   විශාල ප්‍රදේශයක පැතිර පවති.

–   නිද :- අන්තර්ජාලය

•          පුරවර ප්‍රදේශ ජාල (MAN)

–   කුඩාත් නොවන විශාලත් නොවන

–   නිද :- විශාල භුගෝලීය ප්‍රදේශයක.

 

ජාලකරණ උපාංග
මෝඩම්

–   MODulation (අනුකලනය)

•     Digital (සංඛ්‍යාංක)àAnalog (ප්‍රතිසම)

–   DEModulation (අනනුකලනය)

•     Analog (ප්‍රතිසම) àDigital (සංඛ්‍යාංක)

–   Internal MODEM

•     අභ්‍යන්තරයේ සවි කරන මොඩම්

–   External MODEM

•     බාහිරින් සවි කරන මොඩම්

නාභිය

–   පරිගණක කිහිපයක් එකිනෙක සම්බන්ද කිරීමට භාවිතා කරයි.

ස්විචය

–   පරිගණක කිහිපයක් එකිනෙක සම්බන්ද කිරීමට භාවිතා කරයි.

–   නාභියට වඩා කාර්යක්ෂමයි.

අතුරු මුහුණත් කාඩ්පත (NIC)

–   සම්බන්දතාවය ගොඩනැගීම සදහා අවශ්‍ය කරන පරිපථ අඩංගු කාඩ්පත.

සේවායෝජක පරිගණක (Server)

–   ඉහළ පිරිවිතරයන්ගෙන් (High Configuration) සමන්විත මෙම පරිගණක ජාලය පාලනය කරයි.

සේවාලාභී පරිගණක  (Client)

–   පරිගණක ජාලයේ සේවාවන් ලබා ගන්නා පරිගණකය

 

අන්තර්ජාලය
1960 ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශයේ Advanced Research Project Agency – ARPA මගින් ආරම්භ කළ ආපානෙට් මෙහි ආරම්භයයි.

•          ආපානෙට්හි අරමුණ වූයේ පරීක්ෂණ පවත්වන පරිගණක පද්ධතීන් එකිනෙක සම්බන්ද කිරීමයි.

•          අද මෙය ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් කර ඇත.

•          මෙයට හිමිකරුවෙක් නොමැති අතර Internet Societies – ISOC විසින් අන්තර්ජාලයට අවශ්‍ය සම්මතීන් නිර්මාණය කරනු ලබයි.

•          World ISP àRegional ISP  Local ISP

•          Internet Service Provider – ISP විසින් අප වෙත අන්තර්ජාල සේවාවන් ලබා දෙයි.


අන්තර්ජාලය හා සම්බන්ද වීමට අවශ්‍ය දෑ
•          පරිගණකයක්

•          සන්නිවේදන මෘදුකාංගයක්

•          දුරකථන සම්බන්ධතාවයක්

•          මොඩම් එකක්

•          අන්තර්ජාල සේවා සපයන ආයතනයක්


Intranet
අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් යම් ආයතනයක් විසින් එම ආයතනයේ අභ්‍යන්තර පුද්ගලයන්ට පමණක් භාවිතා කල හැකි, එම ආයතනයට සීමා වූ අන්තර්ජාලය මෙ නමින් හදුන්වයි.

 

3 comments:

Shehan said...

This is very useful for grade 10 ICT students. Thank u very much.

saman's blog said...

ස්තුතියි ඔබට

Unknown said...

ගොඩක් පැහැදිලියි