Showing posts with label ආර්ඩියුනෝ. Show all posts
Showing posts with label ආර්ඩියුනෝ. Show all posts

Micro-controller (Arduino / Raspberry pi ) ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඔබ සැමට එක් දින වැඩමුළුවක්... මහනුවර දී .....

Micro-controller (Arduino / Raspberry pi )  වැඩමුළුව

මහනුවර දී පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා කේෂත්‍රයේ ප්‍රවීණයන් සම්පත් දායකත්වය දක්වන අතර අගෝස්තුමාසයේ අවසාන සතියේ සදුදා දිනයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. මේ පිළිබඳ උනන්දුවන ඔබට වැඩි විස්තර ලබා ගැනීම සඳහා පහත පෝරමය පුරවා එවන්න.

https://goo.gl/forms/rCNMIIHM39OIfENG2


ටෙක්ඩියුනෝ

ටෙක්ඩියුනෝ 

TechDuino යනු Kalinga Athulathmudali හා Techකතා කණ්ඩායම විසින් සමාජ සත්කාරයක් ලෙස ලොව ප්‍රසිද්ද Arduino හි මිල අඩු අනුකාරකයක් (Clone) TechDuino ලෙස සංවර්ධනය කර Microcontroller භාවිතා කිරීමේදී හා Programming (Embedded Software) ඉගැන්වීමේදී උවමනා වන උපකරණ සමග අඩුමිලට ලබාදීම සදහා පවත්වාගෙන යන ව්‍යාපෘතියකි. TechDuino ව නිකුත්වනේ Open Source Hardware ලෙස Attribution-NonCommercial-ShareAlike 3.0 Unported ලයිසනය යටතේ. මෙය සම්පුර්ණයෙන් ශ්‍රී ලංකාව තුල කල නිෂ්පාදනයකි.
මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වන්නේ Microcontroller ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන අයට ඒ සදහා අවශ්‍ය උපදෙස් නොමිලේ හා උපකරණ අවම මිලකට ලබාදී ආධුනිකයන්ගේ දැනුම මට්ටම ඉහල දැමීමයි.
මෙම උපකරණ සදහා නියම කරඇති මිල ගණන් සදහන් කර ඇත්තේ මේ සදහා අවශ්‍ය උපකරණ ආනයනය කිරීමට, නිෂ්පාදයට හා තැපැල් ගාස්තු ආවරණය කිරීමට සදහා පමණක් වන අතර මෙම ව්‍යාපෘතිය කිසිදු ලාභ ඉපයීමේ පරමාර්ථයකින් සිදුකරන්නක් නොවේ.
(Arduino යනු Atmel සමාගම විසින් නිපදවන ATmega micro controller එක භාවිතා කරන open source hardware platform එකකි.)
උපුටා ගැනීම : http://techduino.com/
මෙය භාවිත කරන ආකාරය පැහැදිලි කරන වීඩියෝ පෙළක්. මෙය ටෙක්කතා අඩවියෙන් උපුටා ගැනීමකි.





කේතය භාගත කර ගැනීමට
https://www.dropbox.com/s/6qhzgc363bnamm4/IR_Switch2.ino

මෙම අභ්‍යාස අත්හදා බැලීම සඳහා අවශ්‍ය කේත සහ අතිරේක උපදෙස් ලබා ගැනීම සඳහා පහත දැක්වෙන දිගුව ඔස්සේ යොමු විය හැකියි.

https://www.facebook.com/groups/Tkatha/files/

උපුටා ගැනීම : http://www.techkatha.com/category/arduino/

ආර්ඩියුනෝ

ආර්ඩියුනෝ කියන්නේ ලංකාවට අළුත්ම මාතෘකාවක්. ඒ වගේම ලංකාව තුළ ඉක්මණින්ම ජනප්‍රිය වුණ උපාංගයක්. මෙච්චර කාලයක් ලංකාවේ Advance Electronic කටයුතු වලට පාවිච්චි වුණේ PIC වර්ගයේ ක්ෂුද්‍ර පාලක (Microcontrollers). PIC Programming ඉගෙනගත්ත අය දන්නවා ඒක ඉගෙනගන්න විඳපු දුක. Registers කටපාඩම් කරන්න, Timers, Interrupts හසුරවන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ආර්ඩියුනෝ වලදී නම් මේ දුක විඳින්න ඕන නෑ.

ආර්ඩියුනෝ ගැන කෙටි හැඳින්වීමක් කළොත්, මේක open-source platform එකක්. ඒ කියන්නේ  Linux වගේ. අපිට ඔනම විදිහකට ආර්ඩියුනෝ පද්ධති වැඩිදියුණු කරන්න, හදලා විකුණන්න වුණත් අවසර තියෙනවා. ආර්ඩියුනෝ පුවරු (Arduino Boards) සදහා පාවිච්චි කරන්නේ Atmel සමාගමේ ATmega වර්ගයේ ICs. මේවා PIC වලට වඩා මිලෙන් අඩුයි වගේම කාර්යක්ෂමතාවයෙනුත් ඉහළයි. (ඒත් ලංකාවේ වෙළඳපොලේ තවමත් මේවා හොයාගන්න අමාරුයි.)

ආර්ඩියුනෝ එක්ක වැඩ කරන්න අපි සපයාගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා.
  1. ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)
  2. ආර්ඩියුනෝ මෘදුකාංගය 

1. ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)


ආර්ඩියුනෝ වැඩසටහන් සියල්ල ක්‍රියා කරන්නේ මේ බෝඩ් එක මගිනුයි. දැනට එකිනෙක වෙනස්කම් තියෙන ආර්ඩියුනෝ බෝඩ් වර්ග ගණනාවක් තියෙනවා. Arduino Uno, Arduino Due, Arduino Mega, Arduino Diecimila, Arduino Leonardo කියන්නේ ඒවා අතරින් කිහිපයක් විතරයි. මේ අතරින් වඩාත් ම ජනප්‍රිය Arduino Uno බෝඩ් එක.

Arduino UNO R3
Arduino UNO R3 
Arduino Due

ආර්ඩියුනෝ ඔරිජිනල් බෝඩ් එකක් නම් ටිකක් ගණන්. පොඩිම බෝඩ් එක 30$ විතර වෙනවා. ඒත් අපිට අඩු වියදම් විකල්ප 2 ක් තියෙනවා.

Arduino Clone එකක් භාවිතා කිරීම.

ආර්ඩියුනෝ  Open-source platform එකක් නිසා ඕනම කෙනෙක්ට ආර්ඩියුනෝ උපාංග හදලා විකුණන්න පුළුවන්. ලංකාවෙත් ආර්ඩියුනෝ උපාංග හදන සමාගම් 2 ක් තියෙනවා.
  1. Lankatronics මගින් හදන Lakduino 
  2. Techකතා කණ්ඩායම හදන  TechDuino


         
    Lakduino UNO
               
    Techduino 


    Arduino Board එකක් නිර්මාණය කරගැනීම.

    මම නම් අනුගමනය කළේ මේ විකල්පයයි. ආර්ඩියුනෝ නිල වෙබ් අඩවියෙන්ම ලබා ගත්ත සැලසුමකට අනුව තමයි මම මගේ බෝඩ් එක සදාගත්තේ. මේකට නම් ටිකක් විතර පළපුරුද්දක්  ඕන වෙනවා. මේ ලිපිය කියවන ඔබත් Hardware Programming වලට ආධුනිකයෙක් නම් කලින් විකල්පයට යන එක වඩාත් සුදුසුයි.

    නමුත් කවදා හරි තමන්ගේම ආර්ඩියුනෝ පුවරුවක් හදාගන්න උත්සාහ කරන්න. කඩෙන් ගන්න ඒවට වඩා  තමන්ම හදාගන්න පුවරුවක් ගොඩක් වටිනවා.

    අඩු මුදලකින් තමන්ගේම ආර්ඩියුනෝ පුවරුවක් හදාගන්න ආකාරය පිළිබඳ ලිපියක් ලඟදීම ගේන්න පොරොන්දු වෙනවා.

    2. ආර්ඩියුනෝ මෘදුකාංගය 


    ආර්ඩියුනෝ ප්‍රෝග්‍රෑමින් සදහා Arduino IDE මෘදුකාංගය අවශ්‍ය වෙනවා. මේ මෘදුකාංගය Arduino.cc නිල වෙබ් අඩවියෙන් නොමිලේම ලබාගත හැකියි.

    Arduino 1.0.2 

    උපුටා ගැනීමකි. 
    මුල් අඩවියට යොමු වීමට සහ තවත් විස්තර දැන ගැනීමට පහත යොමුව මත ක්ලික් කරන්න.
    http://arduino-sinhalen.blogspot.com/2014/07/ardunio.html




    පහත වීඩියෝවෙන් මෙ පිළිබඳව තවත් බොහෝ කරුණු එක් කර ගත හැකියි.



    මේ පිළිබඳව තවත් විස්තර සිංහලෙන් පහත වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්.



    මෙ වීඩියෝවත් බලන්න.