Showing posts with label සිංහලෙන් යතුරු ලියනය කිරීම. Show all posts
Showing posts with label සිංහලෙන් යතුරු ලියනය කිරීම. Show all posts

ඔබගේ පරිගණකයේ සිංහල යුනිකේත ස්ථාපනය

ඔබගේ පරිගණකයේ සංහල යුනිකෙත් නිසි අයුරින් ක්‍රියාත්මක නොවන්නේ නම් පහත දැක්වෙන සියබස් අඩවිය වෙතගොස් Sinhala tamil ime එක භාගත කර ගෙන ස්ථාපනය කර ගන්න.

වින්ඩෝස් වලදී පෙරනිමියෙන් ලැබෙන යතුරුපුවරුව භාවිතයේ දී අකුරු නිවැරදිව ලියනය නොවීම වැනි දෝෂ නිරාකරණය කර ගැනීමට මෙම ක්‍රමය මනා පිටුවහලක් ....

මෙන්න ලින්ක් එක
https://www.icta.lk/keyboard-drivers-etc/

Microsoft office වලදී සිංහලෙන් type කරද්දීත් සෝදුපත් බලන්න පුළුවන්.

මෙතෙක් අපි Microsoft office මාදුකාංග වලදී ඉංග්‍රීසි භාෂාවෙන් spelling check කර ගත් ආකාරයටම යුනිකේත භාවිතා කර සිංහලෙන් ටයිප් කරද්දීත් සොදුපත් බැලීමට අවකාශ ලැබී තිබෙනවා.




මේ සඳහා නොමිලයේ ලබා දෙන සොදුපත් බැලීම සඳහා වන මෙවලම භාගත කර ගත යුතු වෙනවා.

  • පහත යොමුවෙන් ගොස් Microsoft Office සෝදුපත් මෙවලම් 2013 - සිංහල භාගත කර ගන්න.
http://www.microsoft.com/si-lk/download/default.aspx

මෙතනදී භගත කර ගැනීමට අවශ්‍ය භාෂාව තෝරා ගත හැකියි.


මෙහෙයුම් පද්ධතියේ බිටු පිළිබද තෝරා ගන්න.


භාගත කර ගත් ගොනුව මත දෙවරක් ක්ලක් කර ස්ථාපනය කර ගන්න.


View මෙනුවේ Language අයිකනය මත ක්ලික් කල විට ලැබෙන මෙනුවෙන් set proofing Language යන්න තෝරාගන්න.


එවිට ලැබෙන සංවාදකොටුවෙන් සිංහල තෝරා ok කරන්න.
දැන් සාමාන්‍ය විදියට යුනිකේත භාවිතා කර සිංහල වචනයක් ටයිප් කර space බොත්තමෙන් ඉඩක් ලබා ගත් විට රතු පාටින් ඉරක් පෙනවයි නම් එම වචනයේ දෝෂයක් ඇති බවත් එය මත රයිට් ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන් නිවැරදි වචනය තෝරා ගැනීමක් කර ගැනීමටත් හැකියාව ලැබේ.

පහත නිදර්ශනය බලන්න.


 

Google input tools භාවිතයෙන් සිංහල ටයිප් කරමු.

පරිගණකය භාවිතයේ දී  සිංහල යුතුරු පුවරුව බාවිත කරන්න අපහසු බොහෝ සෙනෙක් කරනුයේ සිංග්ලිෂ් විදියට ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කරන එකයි.

නමුත් Google input tools භාවිත කිරීමෙන් ඔබට ඒ විදියට ටයිප් කරන වචන නිවැරදි සිංහලට පරිවර්තනය කර ගැනීමට පුළුවන්.

මේ සඳහා විවිධ උපක්‍රම භාවිත කළ හැකි අතරම ඔන්ලයින් වගේම අපගේ පරිගණකයේ ස්ථාපනය කර භාවිතයට ගත හැකි මෙම මෘදුකාංගය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

පහත යොමුව මඟින් ඔබට Google input tools  වෙත යොමු විය හැකියි.

පහත වීඩියෝව මඟින් මෙම පහසුකම බාවිත කරන ආකාරය පිලිබඳව ඉඟියක් ලබා ගැනීමට හැකි වේවි.