සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (10 ශ්‍රේණියේ 01 පාඩම)




දත්ත යනු මොනවාද?
එදිනෙදා ජීවිතයේ දී මූලික අර්ථයන් ලබා දෙන, කිසිම ආකාරයක සකස් කිරීමකට භාජනය නොකළ
•       කරුණු
•       සංඛ්‍යා
•       රූප
•       අකුරු
•       චිත්‍ර
•       මිනුම් සරළව දත්ත ලෙස හැදින්විය හැක.

 
දත්ත වලට නිදර්ශන
  • ධනුක 95,85, තරුමිණි 75,80, සදලි 60,55, රුසිරු 72,78, නිලුපුල් 68,75, චතුරංග 64,70, තරුෂි 51,71, මලික් 80,71,
  • මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 120කි.
  • මදුරුවාගේ ජීවන කාලය දින 4කදී අවසන් වෙයි.
  • ඉබ්බාගේ ආයුෂකාලය වසර 300කි.
  • අලියා වසර 90ක් ජීවත් වෙයි.
දත්ත වර්ගීකරණය
  • සංඛ්‍යාත්මකව විස්තර කළ නොහැකි දත්ත,
    • වර්ණය, හැඩය, ශබ්දය
  • සංඛ්‍යාත්මකව විස්තර කළ හැකි දත්ත,
    • උස, දිග, ළමුන් ගණන
තොරතුරු යනු මොනවාද?
  • ලබන්නාට කිසියම් අර්ථයක් ගෙනදෙන පරිදි ක්‍රමාණුකූලව සකස් කරන ලද දත්ත තොරතුරු ලෙස හැදින් වේ.
  • තොරතුරු භාවිතා කරමින් තීරණ ගැනීමට නැතිනම් නිගමන වලට එළඹීමට හැකි වේ.
තොරතුරු වලට නිදර්ශන
නම
ගණිතය
විද්‍යාව
එකතුව
ධනුක
95
78

තරුමිණි
75
69

සදලි
85
88

රුසිරු
65
45

නිලුපුල්
78
78

චතුරංග
90
65

තරුෂි
25
85


තොරතුරු වලට නිදර්ශන
  • ඉබ්බා වැඩිම කාලයක් ජීවත් වන සත්වයායි.
  • අලියාට වඩා වැඩි කාලයක් මිනිසා ජීවත් වෙයි.
  • කෙටිම කාලයක් ජීවත් වන්නේ මදුරුවාය.
තොරතුරු වල සුවිශේෂතා
v  උචිත බව
v  ප්‍රමාණවත් බව
v  නිවැරදි බව
v  පැහැදිලිව තේරුම් ගත හැකි   වීම
v  විශ්වාස කළ හැකි වීම.
v  නිවැරදි පුද්ගලයා වෙතට ළගා විය යුතුයි.
v  නියමිත වේලාවට සකස් වී තිබිය යුතුය.
v  නිශ්චිත වටිනාකමක් තිබිය යුතුය.

දත්ත තොරතුරු අතර වෙනස්කම්
       දත්ත
v  පිළිවෙලක් නොමැත
v  තේරැම් ගැනීමට අපහසුයි.
v  තොරතුරු සකසන අමුද්‍රව්‍ය.
v  තීරණ ගැනීමට යොදා නොගනී.

      තොරතුරු
v  පිළිවෙලක් ඇත.
v  තේරුම් ගැනීමට පහසුයි.
v  අමුද්‍රව්‍ය ලෙස දත්ත යොදාගනී.
v  තීරණ ගැනීම සදහා යොදා ගනී

තොරතුරු සැකසුම




















තොරතුරු සැකසුම් ආකාර
  • අතින් සිදු කරන දත්ත සැකසුම (හස්තක්‍රමය)
  • ඉලෙක්ට්‍රොනික දත්ත සැකසුම
තොරතුරු සැකසුමකදී
  • සංඛ්‍යාත්මක ගණනයන් ( / ¬ « ­- )
  • පිළිවලට සඅකඅස්මක් (ආරෝහන/අවරෝහන)
  • තාර්කික ක්‍රියාවක් ( <,>,<=,>=,<>)
  • සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රියාවක් (ප්‍රස්ථාර)
පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
  • දත්ත හා තොරතුරු අතර වෙනස්කම් 3ක් ලියන්න.
  • දත්ත සැකසුම යනු කුමක්ද?
  • තොරතුරු වල තිබිය යුතු ලක්ෂණ 3ක් ලියන්න.
  • තොරතුරු සැකසුම් ආකාර 02ක් ලියන්න.
  • සැකසුමකදී සිදුවිය හැකි ක්‍රියාවන් 02ක් ලියන්න.


No comments: