Adobe Illustrator CS5 (1) හඳුනාගනිමු

 
අද සිට අපි Adobe Illustrator CS5 පිළිබඳවත් එය භාවිතා කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

මෙම මෘදුකාංගය භාවිතා කර අදිනු ලබන හෝ නිර්මාණය කරන නිර්මාණ විශාල කිරීමේදී කැඩිමකට නැතිනම් කොතරම් විශාල කලත් රූපයට හානියක් නොවන ආකාරයට සකස් වන හෙයින් මෙම මෘදුකාංගය Vector Graphic මෘදුකාංගයක් ලෙස හදුන්වයි.

Workspace වැඩතලය
අපගේ විවිධ නිර්මාණයන් කර ගැනීමට අවශ්‍ය උපාංග panels, bars, සහ windows තුල රඳවා ඇත. මේවා ස්ථානගත තිබෙන ආකාරය අපි Workspace ලෙස හදුන්වනු ලබයි. Adobe Creative Suite වල විශේෂත්වය වන්නේ එහි ඇති සෑම Application එකකම Workspace එක බෙහෝ දුරට එක සමාන වීමයි. එය මෙම මෘදුකාංග සමූහය භාවිතයේ දී විශාල පහසුවක් අත්කර දෙයි. එ අනුව අපි මුලින්ම වැඩතලය හදුනාගනිමු.


  1. Application Bar (මේ තුල විවිධාකාර වැඩසටහන් මෙන්ම මෙනු ස්ථානගත කර තබා ගත හැකියි)
  2. Tool Bar (විවිධ කාර්යයන් කිරීමට අවශ්‍ය මෙවලම් රඳවා ඇත)
  3. Tabbed document Windows (ටැබ් ආකාරයට අප විවෘත කර ගන්නා ගොනු පෙන්නුම් කරයි)
  4. Control Panel ( Tools විවිධාකාරයට වෙනස් කරමින් මෙහෙය වීම සඳහා අවශ්‍ය පහසුකම් සපයයි)
  5. Workspace Switcher (වැඩතලයෙහි ඇති උපාංග ස්ථානගත කර ඇති ස්ථාන වෙනස් කිරීම සඳහා පහසුකම් සපයයි)
  6. Collapse to Icons  (පහලට පෙලගසා ඇති පැනල් හැකීලීම සඳහාත් දිගහැරීම සඳහාත් භාවිතයට ගනී)
වශයෙන් මූලිකව වැඩතලය අපට හදුනාගනීමට හැකි අතර අපට අපගේ නිර්මාණය කිරීමට ඇති අවකාශය Art Board එක ලෙස හඳුන්වයි. මෙම වැඩතගයේ ඇති අනිකුත් අංගෝපංග පිලිබඳව අපි ඉදිරියේ දී වෙන් වෙන්වඅවධානය යොම කර බලමු.



Hide or show all panels
ඉහත රූපයේ අංක 01 න් හා 02 න් පෙන්වන්නේ අපගේ වැඩතලය අපට මෙ වන විට වඩාත් හුරු පුරුදු ආකාරයට සකස් කර ගන්නා අකාරය පෙන්වීමටයි. ඒ Adobe Photoshop හා සමාන වැඩතලයක් නිර්මාණය කර ගැනීමෙන් අපගේ කාර්යය පහසු වන නිසා අපි මුලින්ම අපගේ වැඩතලය Like Photoshop කර ගනිමු.


මීලගට අපි විමසා බලනුයේ අපගේ නිර්මාණය කිරීමේදී ඒ සදහා අවශ්‍ය ආකාරයට අපි කොහොමද මෙම වැඩතලය සකස් කර ගන්නේ කියලා බලන්න. එහිදී ඉහතින් පෙන්වන රූපයේ කිසිම පැනල් එකක් නැහැ. අපගේ Art Board එක පමණයි. මෙසේ අපගේ වැඩතලය සැකසීමට Tab Key එක ඔබන්න. එක් වරක් එබු විට පැනල් හැංගෙන අතර තවත් වරක් එබු විට පැනල් පෙනෙන්නට පටන් ගනී.


ඒ වගේම අපිට අවශ්‍ය වන්නේ  tool Box එක .බා ගෙන අනිකුත් පැනල් සැගවීමට නම් Shift + Tab භාවිතා කරන්න. බලන්න ඉහත රූපයේ දැක්වෙනුයේ එවැනි අවස්ථාවකි.

ඔබත් මේ ආකාරයට ඔබගේ වැඩතලය වෙනස් කර ගනිමින් අත්හදා බලන්න. මීලග ලිපියෙන් අපි ක්‍රියාකාරකමක් කරන අයුරු යිමසා බලමු.

No comments: