SQL - (16) UIDs හඳුනාගනිමු

Artificial, Composite සහ Secondary UIDs

 
මෙම ලිපියේ දී අපි,

  • Unique identifiers (UIDs) වල ප්‍රබේද හදුනාගනිමු.
  • Candidate UID ලෙස හඳුන්වනනේ කුමක්ද යන්න පිළිබඳවත් සමහර entity සඳහා candidate UID කීපයක් ඇත්තේ ඇයි නියලත් විමසා බලමු.
  • Candidate UID වලින් ව්‍යාපාරයට ගැලපෙන ප්‍රථමික (primary) UID එක තෝරගන්න ආකාරය පිළිබඳවත් විමසා බලමු.



Relational databases වලදී UID එක අතිශයින් වැදගත්. දත්ත සමූහයක් අතරින් user ට එක් දත්තයක් unique ලෙස තෝරා ගැනීමට UID එක අතිශයින් වැදගත් වෙනවා.



Simple UIDs යනු මොනවාද ?

එක් attribute එකක් UID ලෙස තෝරා ගැනීමට හැකි නම් එය මෙ නමින් හැඳින් වේ.



Composite UIDs යනු මොනවාද ?

සමහර අවස්ථාවන් වලදී  attribute එකකින් පමණක් instance එකක් unique විදියට තේරැම් ගැනීමට අපහසු වෙනවා. මෙවැනි අවස්ථාවන් වලදී attribute දෙකක් තෝරා ගනු ලබනවා. මෙම අවස්ථාව composite UID එකක් ලෙස හඳුන්වනවා.



Artificial UIDs යනු මොනවාද ?


සැබෑ ලෝකයේ එවැනි UID එකක් නොමැති අතර පද්ධතියේ අවශ්‍යතාවය මත නිර්මාණය කරනු ලබන සංකේතයක් මගින් unique විදියට හඳුනාගැනීමට සලස්වනවා.



නිදර්ශනයක් මගින් මෙය පැහැදිලි කලොත් සපත්තු සඳහා color, size සහ style ඊට ආවේණික ලෙස තිබුනත් අංකයක් ඇත්තේ නැ. එම අංකය ලබා දෙන්නේ සාප්පු හිමියා විසින්. එමගින් ඔවුන්ට වෙනම හඳුනාගැනීමට පහසු වනවා. පහත රූප සටහන බලන්න.




Barred Relationship එකක දී UIDs වන්නේ


මෙම අවස්ථාවේ දී UID එක attribute සහ relationship එකක එකමුතුවෙන් තමයි නිර්මාණය වෙන්නේ. එවිට එම UID එක artificial? නැත්නම් composite? පහත නිදර්ශනය බලන්න.




ඉහත නිදර්ශනයට අනුව පුද්ගලයන් දෙදෙනෙකුට බැංකු දෙකක එකම ගිණුම් අංකයක් තිබිය හැකි මුත් එම අංකත් සමග බැංකු අංකය තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වෙනවා.



අපි තවත් නිදර්ශනයක් බලමු. පහත රූප සටහන දෙස බලන්න.




PLAY LIST ITEM එකේ UID එක ලැබෙනුයේ EVENT සහ SONG වල UID වලිනි. මේ බව සම්බන්ඳතාවයන් මත ඇදලා තියෙන bars වලින් පැහැදිලි කර දෙනවා.



Candidate UIDs යනු මොනවාද ?


සමහර අවස්ථාවන් වලදී අපට UID කීපයක් තෝරාගැනීමට පුළුවන්කම තියෙනවා. නමුත් අපි ඒවායින් එකක් තෝරාගනු ලබනවා. 


නිදර්ශනයක් ලෙස වෙබ් අඩවියක් ඔබගේ හැඳුනුම්පත් අංකය වගේම විද්‍යුත් ලිපිනයත් ඇතුළු විස්තර ලබා ගන්නවා. එම විස්තර අතරින් හැඳුනුම්පත් අංකය හා විද්‍යුත් ලිපිනය යන දෙකෙන් ඕනෑම එකක් UID එක විදියට තෝරා ගන්න පුළුවන්. ඒ අනුව හැඳුනුම්පත් අංකය හා විද්‍යුත් ලිපිනය Candidate UIDs වශයෙන් හඳුන්වන පුළුවන්.


Candidate UIDs වලින් තෝරා ගනු ලැබු එක primary UID ලෙසත් අනික් ඒවා secondary UIDs ලෙසත් හඳුන්වනවා.


No comments: