යුනිකේත යතුරුපුවරුව භාවිතය ගැන.....

අද අපි කතා කරන්න යන්නේ යුනිකේත යතුරුලියනය ගැන.
මීට පෙර දී අපි කතා කල ආකාර අතරින් අද අපි බලන්නේ විජේසේකර යතුරුපුවරුව භාවිතා කරන අන්ඳම ගැනයි.

පහත දැක්වෙන්නේ එක් එක් යතුර නිරූපණය කරන අක්‍ෂරයයි. 


සෑම යතුරක් ම අක්ෂර දෙකක්  නිරූපනය කරන අතර shift key එකත් සමඟ පහප්‍රාණ අක්‍ෂර ද  එසේ නොමැතිව අල්ප්‍රාණ අක්ෂරද නිරුපණය කරයි.

හල් කිරීම            - ඔනෑම අකුරක් හල් කිරීම සඳහා A key භාවිත කරයි.
ගයනු කිත්ත        - shift key  + A key භාවිත කර ‘ෟ‘ (ගයනු කිත්ත) අක්ෂරය ලබා ගත හැක.
පාපිල්ල               - ඔනෑම අකුරක් සඳහා පාපිල්ල යෙදීමට Q key භාවිත කරයි.
ඇදය                   - ඔනෑම අකුරක් සඳහා ඇදය යෙදීමට E key භාවිත කරයි.
ඇලපිල්ල            - ඔනෑම අකුරක් සඳහා ඇලපිල්ල යෙදීමට D key භාවිත කරයි.
දීර්ඝ ඇලපිල්ල    - shift key  + D key භාවිත කර (ෘ) සෘන අක්ෂරය ලබා ගැනීමට පුළුවන්.
කොම්බුව            - කොම්බුව යෙදීමට F key එක භාවිත කරයි.
                        - shift key  + F key භාවිත කර ‘ෆ‘ අක්ෂරය ලබා ගත හැක.
රකාරාංශය          - මේ සඳහා (~`) Back teak key එක භාවිත කරන්න.
රේපය                 - shift key  + (~`) Back teak key
ඥඤ                   - shift key  එක සහිතව හා රහිතව Open Curly Brackets
: ;                       - shift key  එක සහිතව හා රහිතව Close Curly Brackets

මීට අමතරව සංඥක අක්ෂර සඳහා
දකුණු පැත්තේ තියෙන Alt key එකත් සමඟ අදලා අක්ෂර යතුර භාවිත කරන්න.
නිද :-
                Alt + o   -
                Alt + >   - ඟ
    Alt + v  - ඬ

එසේම අපට විවිධ අවස්ථා වලදී බැඳි අකුරු භාවිත කරන්නත් සිදු වෙනවා. එහිදි අපි යුනිකේත භාවිත කරන්නේ පහත ආකාරයටයි.

නිද :-    ‘ක්‍ෂ‘ ලිවීම සඳහා යතුරු පුවරුව භාවිත කරන අයුරු මීළගට අපි බලමු.
            l\I ලෙස ටයිප් කළ යුතුයි. මෙය තවත් විස්තරාත්මකව කීවොත්,
ක අක්ෂරය සඳහා (simple l(එල්)) ඉන් අනතුරුව බැක්ස්ලැෂ් (\) සහ මූර්ධජ ෂ ලිවීම සඳහා (Capital I(අයි) 

මෙය වෙනත් ආකාරයට කීවොත් සම්බන්ද කරන්න අවශ්‍ය අක්ෂර දෙකට මැදින් බැක්සැලෑෂ් යෙදීමෙන් එම අක්ෂර දෙක එක් කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා.




2 comments:

sAm (සෑම්) said...

වටිනා සමාජ සත්කාරයක් !

Anonymous said...

වටිනා ලිපියක්..!ස්තුතියි මේ තොරතුරු බෙදා දෙනවට..!!