Bootable USB එකක් භාවිතා කර මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරමු.

අපිට හුරුපුරුදු වින්ඩෝස් වලින් වෙනස් වෙලා ලිනක්ස් වගේ මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන්න උත්සාහ කරද්දී ඇතිවන ගැටළුවක් තමයි, DVD Rom එකක අවශ්‍යතාවය. මොකද ලිනක්ස් මෙහෙයුම් පද්ධති සමග යෙදවුම් මෘදුකාංගත් විශාල ප්‍රමාණයක් එකතු කරලා තියෙන නිසා ඒවායේ ප්‍රමාණය විශාල වෙලා තියෙනවා. ඒ නිසා ඒවා ඉදිරිපත් කරලා තියෙන්නේ DVD විදියට.

විශේෂයෙන් පාසල් පරිගණක විද්‍යාගාර වලදී අපි වැඩි දෙනෙක්ට මෙම අත්දැකීම ලැබිලා තියෙනවා. මේකට තියෙන හොඳම විසඳුම තමයි USB Drive එකක් භාවිත කරලා මෙවැනි මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමට උත්සාහ ගැනීමයි.

USB Drive එකක් භාවිතා කරලා මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්න නම් USB එක Bootable විදියට සකස් කර ගන්න ඕනි.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන කෙනෙක්ට මෙවැනි Bootable USB එකක් සකස් කර ගැනීමට පහත තියෙන වීඩියෝව උපකාර වේවි.



මේ විදියට Bootable USB එකක් ලිනක්ස් වල ඉදලා සකස් කර ගන්නා ආකාරයත් අපි ඉදිරියේ දී සාකච්ඡා කරමු.

No comments: