ඔබ කාර්යාලයට යන විට, පන්ති කාමරයට යන විට, මිතුරන් සමග කථා කරන විට, විවේකයක් ලබා ගන්න විට, සෑම අයෙක් අතම සෑමවිටම අතේ ජංගම දුරකථනයක් රෑදී තිබේ. ඒයින් ඔවුන් කෙට් පණිවුඩ යවනවා විය හැක, නැත්නම් සමාජ ජාලා අඩවි පිරික්සනවා විය හැක, නැතිනම් වැදගත් දුරකතන ඇමතුමක් ලබාගන්නවා විය හැක. එ සියල්ල සඳහා භාවිත වන ජංගම දුරකථනය අද වනවිට අප සියලු දෙනාට නැතිවම බැරි ඉතා වටිනා මෙවලමක් බවට පත් වී ඇත. එයට වඩාත් බලපා ඇත්තෙ අදවනවිට ජංගම දුරකථනය භාවිතා කර ඇමතුම් ලබාගැනීම සහ කෙට් පණිවුඩ යවනවාට වඩා බොහෝදේ කලහැකි වීමයි. එහෙත් බොහෝ දෙනාට මේ විෂ්මිත උපකරණය මිලදී ගැනීමට යාමේදී යම් ප්‍රශ්ණකාරී තත්වයන් වලට මුහුණ දීමට සිදුවේයි.
ශ්‍රී ලංකාව පුරාවට විවිධ ප්‍රමාණයේ ජංගම දුරකථන වෙළදසැල් පැතිරී පැවතුනත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් වෙළදසැලකින් මිලදී ගැනීමට යාම යම් පීඩාකාරී අත්දැකීමක්ද නොවේද? ඇත්තෙන්ම එය කරදරකාරී කම්මැලි ක්‍රියාවක්. එය ඔබ්ගේ එයින් ජීවිතයේ වැදගත් අවස්ථා රැසක් මගහැරීමට සහ ඵ් ගමනට ඔබේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් වීමටද හෙතුවිය හැකිය. එහෙත් තාක්ෂණයේ දියුණුවත් සමග වර්තමාන ලෝකයේ මේ සදහා ඉතා සාර්ථක විසදුම් බිහිවෙමින් පවතී. භාණ්ඩ මිලදී ගැනීම ඉතා පහසු කරමින් ලාභයි (laabai) වැනි අන්තර්ජාල වෙළදපොලවල් (online marketplace) මේවනවිට බිහිවෙමින් පවතී. එමගින් පාරිභොගිකයින්ට අන්තර්ජාලයට පිවිස තම තොරතුරු ඇතුලත් කර අවශ්‍ය භාණ්ඩය තෝරාගෙන එසැණින් එය ඇනවුම් කිරීමේ හැකියාව ඇත. මෙමගින් ඔබට අලුත්ම ජංගම දුරකථනයක් මෙන්ම අවශ්‍ය නම් භාවිතා කරන ලද ජංගම දුරකථනයක් වුවද මිලදී ගැනීමට හැකියාව ඇත.
ඔබට අවශ්‍ය දේ ගැන තීරණය කරන්න
ඔබට ජංගම දුරකථනයක් අවශ්‍ය කුමන කාරණාවක් සඳහාද යන්න තීරණය කීරීම ඉතා වදගත්ය. එබැවින් ඔබ ජංගම දුරකථනයක් මිලදී ගන්නෙ ඇයි යන ප්‍රශ්ණය ඔබ ඔබෙන් අසාගතයුතුය. ඔබ ජංගම දුරකථනය යොදාගන්න බලාපොරෝත්තු වන්නෙ කෙට් පණිවුඩ සහ අමතුම් වලට පමණක් ද? නැතිනම් අන්තර්ජාලය හරහා e-mail යැවීමටද?
වෙලඳපොල තොරතුරු හොදින් පරීක්ෂා කරන්න
විශ්වාසවන්ත වෙබ් අඩ්වියක් තොරාගැනීම ඉතා වැදගත් ය. මක්නිසාද යත් භයානක ව්‍යාඡ වෙබ් අඩවි අන්තර්ජාලය පුරා පැතිරී අති බවිනි. එවැනි ව්‍යාඡ වෙබ් අඩවි ඔබේ අන්න්‍යතාවය සහ තොරතුරු රැස් කර එවා අවභාවිතාවේ යෙදවීමට හෝ ඔබගේ මුදල් සොරකම් කිරීමට ඉඩ ඇත. සර්ව සම්පූර්ණ ආරක්ෂණය ඇති Kaymu වැනි මාර්ගගත අන්තර්ජාල වෙළඳසලක් භාවිතා කිරීමෙන් ඉතා ආරක්ෂාක්ෂිතව භාණ්ඩ මිලදීගැනීමට ඔබට අවස්ථාව ලැබේ. ආරක්ෂාකාරී වෙබ් අඩවියක සලකුණක් වන්නෙ අදාල අඩවියේ address bar එකේ ඇති ඉබි අගුල් ලකුණයි. විකිණීමට අති දුරකථනය සහ එවා පිලිබඳ දී අති විස්තර හොදින් නිරීක්ෂණය කරන්න. ඔබගේ මිතුරන් ගෙන් සහ මින් පෙර එය මිලදී ගෙන අති ගැනුම්කරුවන් වෙබ් අඩවිය ගැන දී ඇති ප්‍රතිචාර විමසන්න. ඔබ වඩා හොඳින් දන්නා ප්‍රමුඛ පෙලේ වෙලඳ නාමයක් යටතේ එන ජංගම දුරකථනයක් මිලදී ගැනීම වඩා නුවණට හුරුය, එවිට තත්වය පිලිබඳවද ඔබට ගැටලුවක් පැන නොනාගිනු ඇත.
ඔබ අන්තර්ජාලයෙන් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේ වාසි පිලිබඳ අවබොදයක් ලබා ගත් පසු ඔබට නිවසේ සිටම කොතරම් පහසුවෙන් ගුණාත්මක භාණ්ඩ ලබා ගත හැකිද යන්න වැටෙහේවි.
2 comments:
This is very helpful.
its a good post sir
Post a Comment