VB 6.0 භාවිතා කර සංඛ්‍යා දෙකක්
එකතු කිරීම සදහා වැඩසටහනක් සකස් කරමු. මේ සදහා මෙතෙක් අපි සාකච්ඡා කල ලිපි පෙළ
කියවීම වැදගත් වේ.
ඒ සදහා පහත සබැදියන්
භාවිතා කරන්න.
අද අපි සරල පරිගණක ක්‍රමලේඛනයක්
සකස් කිරීමටයි සූදානම් වන්නේ. ඒ සදහා මූලික සුදානමේ සිට පියවරෙන් පියවර යොමු වෙමු.
ඒ අනුව ක්‍රමලේඛනයක්
සකස් කිරීමේ දී අනුගමනය කළ යුතු පියවර 04කි. එනම්
- ගැටළුව තේරුම් ගැනීම හා විශ්ලේශණය කිරීම.(Understanding & Analyzing the Problem.)
- ගැටළුව සදහා ඇල්ගොරිතමයක් ගොඩනැගීම.(Developing an algorithm for the problem.)
- පරිගණක ක්‍රමලේඛනය ලිවීම.(Coding the program. )
- පරිගණක ක්‍රමලේඛනය ක්‍රියාත්මක කර බැලීම.(Testing & Debugging the program.)
මෙම පියවර අනුව අද අපි
අපගේ ක්‍රමලේඛනය ගොඩනගමු.
·
සංඛ්‍යා දෙකක් එකතු කිරීම.
§
ගැටළුව තේරුම් ගැනීම හා
විශ්ලේශණය කිරීම.(Understanding
& Analyzing the Problem.)
අපගේ ගැටළුව වන සංඛ්‍යා දෙකක්එකතු කිරීම විශ්ලේෂණය කර
ගැනීමේ දී ගැටළුවේ ආදානය, ප්‍රතිදානය හා සැකසීම වශයෙන් සකස් කර ගත යුතුයි.
1.
ආදානය - සංඛ්‍යා දෙකක
ඇතුල් කිරීම.
2.
සැකැස්ම - සංඛ්‍යා දෙක
එකතු වීම.
3.
ප්‍රතිදානය - උත්තරය ලබා
දීම.
§
ගැටළුව සදහා
ඇල්ගොරිතමයක් ගොඩනැගීම.(Developing
an algorithm for the problem.)
පළමු පියවර පරිදි ගැටළුව විශ්ලේෂණය කර ගැනීමෙන් අනතුරුව
ඇල්ගෝරිතම ගොඩනැගිය යුතුයි. ඒ සදහා ආකාර දෙකකි. එනම්,
1.
ගැලීම් සටහන්
2.
ව්‍යාජ කේත
මීලගට අපි සුදානම් වන්නේ අපේ ගැටළුව සදහා ගැලීම් සටහනක්
ඇදීමටයි.
මෙම ගැලීම් සටහනට අනුව අපි ව්යාජකේතයත් ගොඩනගමු.
Begin
Input – Number 1 & Number 2
Total = Number1 + Number 2
Display Total
End
ඉහත පියවර අවසන් කිරීමෙන් පසුව අපි පරිගණක භාෂාවක්
භාවිතයට ගනිමින් ඊලග පියවර සදහා යොමු විය යුතුයි. මේ පාඩමේදී විෂුවල් බෙසික්
භාවිතයට ගනිමින් ඒ පියවරට යොමු වෙමු.
§
පරිගණක ක්‍රමලේඛනය ලිවීම.(Coding the program. )
මෙහිදීද අපගේ කාර්යය කොටස් දෙකක් යටතේ සිදු කර ගත
යුතුයි. එන්ම්,
1.
Form එකේ ඇද ගැනීම.
2.
Code කිරීම.
ඒ අනුව අපි මුලින්ම Form එකේ ඇද ගැනීම සදහා යොමු
වෙමු.
Form එක ලබා ගන්න.
එහි පහත ආකාරයට Object සකස් කර ගන්න.
Form
Name frmAddTwoNumbers
Caption Add
Two Numbers
Textbox1
Name txtnum1
Text
Textbox2
Name txtnum2
Text
Textbox3
Name txtnum3
Text
Label1
Name lblnum1
Caption Input Number One
Label2
Name lblnum2
Caption Input Number Two
Label3
Name lblTotal
Caption Total
ComandButton
Name cmdAdd
Caption Add
ඇද ගැනීමෙන් පසු Form එක මෙ ආකාර විය යුතුය.
ඉන්පසුව පහත ආකාරයට Code කර ගත යුතුයි.
Private
Sub cmdTotal_Click()
txtTotal.Text = Val(txtNum1.Text) +
Val(txtNum2.Text)
End Sub
ü txtTotal.Text (txtTotal කියන TextBox
එකෙහි Text Properties නිරූපනය කරයි)
ü Val(txtNum1.Text) (txtNum1 කියන TextBox
එකෙහි Text Properties වල පෙන්නුම් කරන සංඛ්‍යාවේ වටිනාක (Val) යන්නෙන් නිරූපනය වේ.
§
පරිගණක ක්‍රමලේඛනය ක්‍රියාත්මක
කර බැලීම.(Testing & Debugging
the program.)
ඉහත ආකාරයට Run
කිරීමෙන්පසු සංඛ්‍යා
ඇතුලත් කර බලන්න. එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් අපගේ Testing සාර්ථක වෙයි. ගැටළුවක් මතු වුවහොත් Debug කර එය නිවාරදි කර ගත යුතුයි.
මේ අකාරයට පියවරෙන්
පියවර සම්පූර්ණ වැඩසටහනක් සකස් කිරීම සදහා උත්සාහ ගන්න. අපි මීලග ලිපියෙන් මෙම
වැඩසටහන තවත් දියුණු කරන ආකරය විමසා බලමු.
3 comments:
යාළුවේ,
තොරතුරු තාක්ෂණය ගැන අපිට දැනුම ලබා දෙන ඔබගේ බ්ලොග් එකට මුලින්ම ගොඩවැදුනේ අදයි. ඇත්තටම හොද උත්සාහයක්. හොද වැඩක්. තවත් ඉදිරියට කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.
බොහෝම ස්තුතියි
Give more sample. We are helpful for increase knoledge
Post a Comment