අද අපි VB 6.0 හි Form එකක Button මත ක්ලික් කර විවිධ දේ ප්‍රදර්ශනය කර ගන්නා අන්ඳම විමසා බලමු. මේ සඳහා මා යොදාගනු ලබන්නේ චක්කරයන්ය. 2 වරක් යන Button එක ක්ලික් කල විට දෙවරක් චක්කරය ප්‍රදර්ශනය වන අතර 3 වරක් යන Button එක මත ක්ලික් කල විට විට තෙවරක් චක්කරය ප්‍රදර්ශනය වෙයි.
මීට පෙර ලිය වූ ලිපි සඳහා සබැඳියන්
- විෂුවල් බේසික් 6.0 අතුරු මුහුණක හදුනාගනිමු
- VB 6.0 - (1) - Form එකක Properties වෙනස් කරමු.
- VB 6.0 - (2) - Tool Box එක ගැන බලමු.
- VB 6.0 - (3) - Objects වල Properties වෙනස් කරමු.
- VB 6.0 - (4) - සරළ වැඩසටහනක් ගොඩනගමු.
- VB 6.0 - (5) - සංඛ්‍යා දෙකක් එකතු කරමු.
- VB 6.0 - (6) - සංඛ්‍යා දෙකක් භාවිතා කර ගණනය කරමු.
මීට පෙර අපි සවිස්තරාත්මකව කුමලේඛණයක් ගොඩනැගීම සම්බන්ඳයෙන් සාකච්ඡා කල නිසා මෙවර මා ක්රිවාකාරකම පමණක් සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ අනුව යම් ගැටළුවක් ඇත්නම් Comment එකක් දාන්න.
ඒ අනුව මුලින්ම Form එකෙහි Button 3 සකස් කර ගන්න. එම Button වල Caption එක Two Times, Three Times, Four Times ලෙස නම් කර ගන්න. එවිට ඔබ සකස් කර ගත් Form එක පහත රූපයේ පරිදි වෙයි.
අනතුරුව සෑම Button එකක් සඳහාම Code කර ගන්න. ඒ අනුව
- Two Times Button එක මත දෙවරක් ක්ලික් කර පහත ආකාරයට code ලියා ගන්න.
Private Sub cmd2timestable_Click()
Me.Cls (මෙයින් Form එකෙහි සටහන් වී ඇති දෙයක් මකා දාමීම සිදු කරයි)
Print "" (හිස් පේළියක් නිර්මාණය වෙයි)
Print ""
Print " 2 TIMES Table"
Print ""
Print " 2 x 1 - 2"
Print " 2 x 2 - 4"
Print " 2 x 3 - 6"
Print " 2 x 4 - 8"
Print " 2 x 5 - 10"
Print " 2 x 6 - 12"
Print " 2 x 7 - 14"
Print " 2 x 8 - 16"
Print " 2 x 9 - 18"
Print " 2 x 0 - 20"
Print " 2 x 11 - 22"
Print " 2 x 12 - 24"
End Sub
- Three Times Button එක මත දෙවරක් ක්ලික් කර පහත ආකාරයට code ලියා ගන්න.
Private Sub cmd3timestable_Click()
Me.Cls (මෙයින් Form එකෙහි සටහන් වී ඇති දෙයක් මකා දාමීම සිදු කරයි)
Print "" (හිස් පේළියක් නිර්මාණය වෙයි)
Print ""
Print " 3 TIMES Table"
Print ""
Print " 3 x 1 - 3"
Print " 3 x 2 - 6"
Print " 3 x 3 - 9"
Print " 3 x 4 - 12"
Print " 3 x 5 - 15"
Print " 3 x 6 - 18"
Print " 3 x 7 - 21"
Print " 3 x 8 - 24"
Print " 3 x 9 - 27"
Print " 3 x 0 - 30"
Print " 3 x 11 - 33"
Print " 3 x 12 - 36"
End Sub
මේ ආකාරයට සකස් කර ගැනීමෙන් අනතුරුව Run කර ගන්න. Button එකක් ක්ලික් කරන වාරයක් වාරයක් පාසා ඒ Button එක යටතේ ඇති Print "" යටතේ උදෘත තුල දක්වා ඇති සියළුම දෑ ප්‍රදර්ශනය වනු දැක ගත හැකියි.
ඒ ආකාරයට මේ වැඩසටහන තවත් පියවර කීපයක් තනිවම වර්ධනය කරන්න.
No comments:
Post a Comment